“කලම්බු ටෙලිග්‍රාෆ්” වෙබ් අඩවිය 2012 වර්ෂයේ ජනවාරි 30 වනදා අපූරු වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි. “කලම්බු ටෙලිග්‍රාෆ්” වෙබ් අඩවිය එම ලිපියට මාතෘකාව තබා තිබුනේ , විකිලීක්ස්: “විශේෂ කාර්ය බලකාය ත්‍රිකුනාමලයේ සිසුන් ඝාතනය කළා” බැසිල් අමෙරිකාවට කියයි , යනුවෙනි. ලිපිය රචනා කළේ කවුරුන්ද යන්න අනාවරණය නොකිරීමට වග බලා ගැනීමට “කලම්බු ටෙලිග්‍රාෆ්” වෙබ් අඩවිය කටයුතු කර තිබීමද විශේෂත්වයකි.
එහිදී වෙබ් අඩවිය අනාවරණය කරන්නේ 2006 ඔක්තෝබර 04 වන දින එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ සහෝදරයා මෙන්ම ජනාධිපතිවරයාගේ උපදේශකයා ලෙසද කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා එවකට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති රොබට් ‘ඔ බ්ලේක් මහතා හමුවී රහසිගත සාකච්ඡාවක නියැලී ඇති බවයි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ඔවුන් දෙදෙනා අතර ඇති වූ හමුව “රහසිගතයි” යන මාතෘකාව ඔස්සේ කේබල් පණිවිඩයක් මගින් අමෙරිකානු රජයට යවා ඇති අතර විකිලීක්ස් වෙබ් අඩවිය අදාල කේබල් පණිවිඩය ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රචාරය කර ඇති බව වෙබ් අඩවිය අනාවරණය කරයි.
එම කේබල් පණිවිඩය තුළ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයාට ත්‍රිකුනාමලයේදී සිදුවූ සිසුන් පස් දෙනාගේ ඝාතනය සම්බන්ධව කරුණු දක්වා ඇති බව වාර්තා කරන්නේ ” අපි දන්නවා විශේෂ කාර්ය බලකාය මෙම සිසුන් ඝාතනය කළ බව.නමුත් උන්ඩ සහ අදාල තුවක්කු සම්බන්ධ සාක්ෂි මගින් ඔවුන් එම ඝාතන කළ බව සනාථ වන්නේ නැහැ. අපට අධිකරණ වෛද්‍යය විශේෂඥයන්ගේ සහය අවශ්‍යයයි. අපි දන්නවා වරද කළේ කවුද කියා නමුත් අපට ඔවුන්ට එරෙහිව නඩු පැවරීමක් කළ නොහැකියි.”යනුවෙන් පැවසූ බව රොබට් ‘ඔ බ්ලේක් මහතා අමෙරිකාවට කේබල් පණිවිඩයක් යවා ඇති බව “කලම්බු ටෙලිග්‍රාෆ්” වෙබ් අඩවිය තහවුරු කරයි.
වෙබ් අඩවිය පවසන්නේ තානාපතිවරයා, ” ජනාධිපතිවරයා මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දුයි” යන උප මාතෘකාව යටතේ අමෙරිකාවට ලියා යවන්නේ “ජනාධිපතිවරයා සම සභාපතිවරුන්ගෙන් මෙන්ම විශේෂයෙන්ම අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වර්ධනය කරගැනීමටත් උදව් අවංකවම අපේක්ෂා කරයි. ඒ සඳහා විශේෂඥ දැනුම ඇත්තන් ලබාදීමෙන්,විමර්ෂණ කටයුතු සඳහා උදව් කිරීමෙන්, දේශීය වශයෙන් මානව හිමිකම් කොමිසමක් පිහිටුවාලීමෙන් ශ්‍රී ලංකාව උපකාර අපේක්ෂා කරයි.අමෙරිකානු තානාපතිවරයා ජනාධිපතිවරයා සමඟ එකඟ වන අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ සිදුවී ඇති වර්ධනයන් මෙන්ම මානව අයිතිවාසිකම් පිළිබඳ අමාත්‍යය මහින්ද සමරසිංහ මහතා මානව හිමිකම් උපදේශකයෙකු ලෙස ඉතාමත් ඉහළ පිළිගැනීමක් ඇත්තෙකු ලෙස සැලකෙන නමුත් එක්සත් ජාතීන්ගේ අවතැන්වූවන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් වන විශ්වාසය පළුදු වී ඇති බව පිළිගැණුනි.” යනුවෙනි.
ත්‍රිකුනාමලයේ සිදුවූ සිසුන් පස් දෙනාගේ ඝාතකයන් හඳුනාගෙන දඬුවම් පැමිණවීමට බැසිල් රාජපක්ෂ මහතා තුළ වන වුවමනාව සම්බන්ධව අමෙරිකානු තානාපතිවරයා සිය පූර්විකාව සරසා ගන්නේ,”නිර්ව්‍යාජ වුවමනාවකින් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා පවසා සිටියේ පසුගිය ජනවාරි මාසයේදි ත්‍රිකුනාමලයේදි විශේෂ කාර්ය බලකා වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය සිසුන් පස් දෙනාගේ මරණයට වග කිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒමට ශ්‍රී ලංකා රජයට දැඩි වුවමනාවක් ඇති බවයි.” යනුවෙන් ලියා තබමිනි.
අමෙරිකානු තානාපති බ්ලේක් මහතා වැඩිදුරටත් ලියා යවන්නේ ” ශ්‍රී ලංකා යුද්ද හමුදාව මානව හිමිකම් සම්බන්ධයෙන් හොඳින් පුහුණු කර ඇති බව ඔහු අවධාරණය කරණු ලැබුවා. නමුත් ශ්‍රී ලංකා නාවික හමුදාව හිරිහැර කිරීම් සහ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් අවංකවම විශ්වාස කටයුතු ලෙසම පසු පසින් සිටින බව පිලිගත යුතු වෙනවා. යුද හමුදාව ගැවසෙන ප්‍රදේශ වලදී මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ඇතිවන ගැටලු අවම නමුත් නාවික හමුදාව සිටින ප්‍රදේශවල තත්වය වෙනස්. යනුවෙන් රාජපක්ෂ පවසා සිටියා. අපි ඔවුන් සිවිල් ජනයා සමඟ සම්බන්ධ කටයුතුවල යෙදවීමට බලාපොරොත්තු වූවේ නැහැ. ඒ නිසා අප ඔවුන්ව පුහුණු කළේ නැහැ යැයි පවසන ඔහු පවසා සිටියේ ජනාධිපතිවරයා නාවික හමුදා නිලධාරින්ටද මානව හිමිකම් සම්බන්ධ පුහුණු සැසි වලට සහභාගි කරවීමට බලාපොරොත්තු වන බවයි.රාජපක්ෂ මහතා නව නීතියක් මගින් සැකකරුවෙකු පැය විසි හතරකට වඩා මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් නොකර රඳවා තබා ගැනීමට පොලිසියට නොහැකි වන ලෙස නීති සකසන බවත් එමගින් පොලිසිය මගින් සිදුවන මානව හිමිකම් කඩවීම් අවම වනු ඇති බවත් අවධාරණය කර සිටියේය.” යනුවෙනි.
අමෙරිකානු රජයට තානාපතිවරයා බැසිල් රාජපක්ෂ සම්බන්ධව යවන වාර්තාවේ තනාපතිවරයාගේ සටහන ලෙස ” තානාපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා හමුවූ මුල් හමුවේදීම ඔහු අවංක ප්‍රතිචාරයක් දැක්වූවා මෙන්ම ඔහුගේ සබඳතාව තානාපති කාර්යාලය සමඟ ප්‍රයෝජනවත් පදනමක් යටතේ ස්ථාපිත කිරීමටද වග බලා ගත්තේය. රාජපක්ෂ කළ අදහස් දැක්වීම් අවංක වූවා මෙන්ම ලංකා රජය තම ආරක්ෂක හමුදාවෝ සමඟ මානව හිමිකම් සම්බන්ධයෙන් කරණු ලබන අරගලය මෙන්ම මානව හිමිකම් ක්ෂේත්‍රයේ සිදු කළ යුතු සංවර්ධනයන් සම්බන්ධයෙන් ජාත්‍යයන්තරයෙන් ඉල්ලා සිටින සහයෝගය පිළිගනිමි.”යනුවෙන් තබා තිබුණි.
C O N F I D E N T I A L SECTION 01 OF 02 COLOMBO 001622 SIPDIS SIPDIS E.O. 12958: DECL: 10/04/2016 TAGS: PREL PTER PHUM PREF MOPS CE SUBJECT: SRI LANKA: PRESIDENTIAL ADVISOR BASIL RAJAPAKSA SPEAKS FRANKLY ABOUT HUMAN RIGHTS AND KARUNA FACTION REF: A. COLOMBO 1617 AND PREVIOUS ¶B. COLOMBO 1604 AND PREVIOUS Classified By: Ambassador Robert O. Blake for reasons 1.4(b,d). "President is Keen on Human Rights" ----------------------------------- ¶5. (C) Basil told the Ambassador that the President genuinely seeks the help of the Co-chairs, and the US in particular, to improve Sri Lanka's human rights capability by lending experts, assisting with inquiries, and building up the indigenous Human Rights Commission (HRC). The Ambassador agreed that President Rajapaksa and Development and Human Rights Minister Mahinda Samarasinghe have strong reputations as human rights advocates, but noted the UNHCR lacked credibility. ¶6. (C) Speaking with surprising candor, Rajapaksa explained the GSL's efforts to prove that members of the Security Task Force (STF) murdered five students in Trincomalee in January: "We know the STF did it, but the bullet and gun evidence shows that they did not. They must have separate guns when they want to kill some one. We need forensic experts. We COLOMBO 00001622 002 OF 002 know who did it, but we can't proceed in prosecuting them." ¶7. (C) He said that the Sri Lanka Army (SLA) has been sufficiently trained in human rights, but that the Sri Lanka Navy (SLN) has been credibly implicated in harassment and human rights violations. "We have few complaints in areas of SLA presence, but we have a problem with the SLN," Rajapaksa explained. "We didn't expect them to work with civilians and they weren't trained." He said the President has prioritized human rights training for the Navy. Rajapaksa added that with a new law requiring that police notify the magistrate before they can detain a suspect for longer than 24 hours, "We have minimized harassment by the police." Comment ------- ¶11. (C) The Ambassador's first meeting with Basil Rajapaksa sparked a candid response from the Presidential Advisor and laid the foundation for a pragmatic relationship with the embassy. Rajapaksa's frank discussion of the GSL's human rights struggles with its security forces and request for international assistance in human rights capacity building is welcome. BLAKE
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...