දේශීය පුවත්

2021-02-15 දින “සලකුණ” වැඩ සටහනට සහභාගීවූ පොදුජන පෙරමුණු පාර්ළිමේන්තු මන්ත්‍රී නීතීඥ ඩිලාන් පෙරේරා මහතාගෙන් එම වැඩ සටහන මෙහෙයවන චමුදිත සහ චාපා බණ්ඩාර විසින් ඉන්දියානු ව්‍යාප්තවාදයට අදාලව භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපති අමිත්ත ෂා විසින් සිදුකරා යැයි ත්‍රිපුර මහ ඇමති කුමාර් ඩෙබ් පවසන ආන්දෝළනාත්මක බරපතළ ප්‍රකාශයක් වන භාරතීය ජනතා පක්ෂය විසින් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ දේශපාලන පක්ෂ පිහිටුවීමට සැළසුම් කිරීම පිළිබඳව අසන ලද ප්‍රශ්ණවලට ඔහු මෙසේ පිළිතුරු දුනි.

“අමිත්ත ෂා පවසන ආකාරයට ලංකාවෙ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන්න ඒ අයට බැරි උනත් දැනට අවුරුදු ගණනාවක් තිස්සේ ඒ අයගේ ඒජන්තයින් විවිධ දේශපාලන පක්ෂවලට රිංගවාගෙන ඉන්දියාව තම දේශපාලන බළල් හස්තය ක්‍රියාත්මක කරනවා. උතුරේ තිබුණු ටී.එන්.ඒ. එක කඩන්නෙත් ඉන්දියාවෙ රෝ සංවිධානය. එහෙම කරල හිටපු මහ ඇමති විග්නේශ්වරන්ගෙ පක්ෂය වගේම ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගෙ පක්ෂය හදන්නෙත් රෝ සංවිධානය. ඒක කරන්නෙ ටී.එන්.ඒ එක දුර්වල කරල ඒ කෑලි තුනම ඒ අයගෙ පාළනය යටතෙ තියාගන්න”.

“අමිත්ත ෂාගෙ ප්‍රකාශයට විරෝධය පළ කරන කොංග්‍රස් පක්ෂයම තමයි ඉන්දිරා ගාන්ධි මැතිණියගේ කාලෙ වගේම රජීව් ගාන්ධිගෙ කාලෙ ශ්‍රි ලංකාවෙ රජයට විරුද්ධව සටන් කරන්න දෙමළ තරුණයින්ට ආයුධ පුහුණුව ඉන්දියානු භූමියේදි ලබාදුන්නෙ.”

2021-02-14 දින ඉන්දියානු අගමැති මෝදි විසින් තමිළ්නාඩුවේ රැස්වීමක් අමතමින් කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලාංකික මූළයක් ඇති උතුරේ ද්‍රවිඩ ජනතාව ද ඉන්දියාවේ මූළයක් ඇති සහෝදර ජනතාවක් ලෙස ප්‍රකාශ කිරීම සුමන්තිරන්, විග්නේශ්වරන්, පොන්නම්බලම් ද ඉන්දියානුවන් ලෙස කරන ලද ප්‍රකාශයක් ලෙස සැළකිල්ලට ගතයුතු බවයි.

චාපා බණ්ඩාර විසින් මතුකරන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්;

“මෙම කළාපයේ මෙන්ම අප රටේ ද රජයයන් පෙරලීමේදී මෙන්ම නව රජයයන් පත්කිරීමේදී ද රෝ ඔත්තු සේවය ක්‍රියාත්මකයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ රෝ ඔත්තුකාරියක් වන සාරා නම් කාන්තාව ඉන්දියාවේ තබාගෙන සිටීමෙන්ම කාරණාව පැහැදිළියි.”

“ඉන්දියාවේ මෝදි බළයට ඒමෙන් පසු රෝ ක්‍රියාකාරිත්වයේ නව ප්‍රවණතාවය අනුව කළාපයේ අන් රටවල් වල මුස්ලිම් ජනතාවගේ ද අවසාන නායකයා ඉන්දියාව ලෙස සැළකිය යුතු බවට වන මතය ප්‍රචලිත කිරීමට ඉන්දියාව උත්සාහ ගන්නා බවක් පෙනෙනවා. ඒක හරි භයානකයි”

“විදේශ රටවල සහ ඔවුන්ගේ ඔත්තු සේවාවන්ගේ; විශේෂයෙන්ම ඇමරිකානු, ඉන්දියානු, ඉන්දු- ඇමරිකන් සහ චීන ” භූ දේශපාළන පෙරකලාසි න්‍යාය පත්‍රයන්හි ” (Geo Political Proxy Agendas) අභියෝගයට නව පාළකයින් සාර්ථකව මුහුණ දීමේ අපේක්ෂාව 69 ලක්ෂයේ ඡන්ද ප්‍රතිඵලය තුළ ගැබ්ව තිබෙනවා. අනාගත වෙළඳපළ අභියෝග ජයගැනීමට නම් ඇමරිකාවෙ එල්ලෙනව ඇරෙන්න ඉන්දියාවට කරන්න දෙයක් නෑ වගේම ඉන්දියාවෙ එල්ලෙනව ඇරෙන්න ඇමරිකාවට කරන්න දෙයකුත් නෑ”

ඔය සෑම පෙරකලාසි න්‍යාය පත්‍රයකටම සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානවල පුද්ගලයින් රටේ ඉහලම තැන්වලට සූක්ෂමව රිංගවනවා. හොඳම උදාහරණ තමයි බෝර්න් අගේන් හා පත්ෆයින්ඩර් සංවිධානයට සම්බන්ධ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ සහ පත්ෆයින්ඩර් සංවිධානයේ මිලින්ද මොරගොඩ.

මේගොල්ල තමයි ජිනීවා මානව හිමිකම් ප්‍රශ්ණයේදී අප කළයුතු නිවැරදිදේ නොකර වෙනත් න්‍යාය පත්‍රයන් අනුව යමින් ප්‍රශ්ණය තවත් ඔඩුදුවන තත්වයට පත්කරන්න උත්සාහ කරන්නෙ.

“ඉන්දියාව රාජපක්ෂලාගේ දේශපාළනය පිළිබඳව නිවැරදි තක්සේරුවකින් සිටියත් ඔවුන් තුන්හිතකින්වත් හිතුවෙ නැහැ පැරදුණු රාජපක්ෂලා දිනපු රාජපක්ෂලාට වඩා බළවත් වෙලා නැවත බළයට ඒවි කියල.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More