පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අද (18) පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ මෙරට ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් වූ බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මියගේ උසස් වීම අභියෝගයට ලක් කිරීම හෙළා දකින බවත් ඇයගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව තම සංසදය පෙනී සිටින බවත්ය.
බහුතරයක් පිරිමි නියෝජනය කරන ශ්‍රී ලංකා පොලීසිය වැනි ආයතනයක කාන්තාවක් එහි උසස්ම තනතුරකට පත්වීම පුරුෂයන් හා සමතත්වයේ ලා කාන්තාවන් සැලකිල්ලට ලක් කිරිමක් ලෙස සලකන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි රජ්‍යය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියාය.
එහිදී රාජ්‍යය අමාත්‍යයවරිය තවදුරටත් පවසා සිටියේ ඇයට එරෙහිව පවතින තත්ත්වය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරන බවත් කාන්තාවන් පොලිස් සේවයට බඳවා ගන්නේ නම් නිසි ලෙස ඔවුන්ට උසස්වීම් පටිපාටිය සඳහා හිමිකම් තිබිය යුතු බවත්ය.
සංසදයේ උපසභාපතිනී රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය අදහස් දක්වමින් පවසා සිටියේ බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මිය සිය රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම නිසා ඇයට හිමි උසස්වීමට එරෙහිව පුරුෂ සමාජය කටයුතු කිරීම ගැන පිළිකුලක් ඇතිවන බවත් නියෝජ්‍ය පොලිස්පතිනිගේ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කැප වන බවත් තම සංසදයේ සියලුම මන්ත්‍රීවරියන් අවධාරණය කරන බව පවසා සිටියාය.
කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් වූ බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මියගේ උසස් වීම සම්බන්ධයෙන් අද (18) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා සිටියේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියට එරෙහිව අධිකරණට පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධව කණගාටු වන බවත් එවැනි පත්වීමක් අප රටට මහත් ආඩම්බරයක් ගෙන දෙන බවයි. එහිදී අමාත්‍යයවරයා පවසා සිටියේ ඉදිරිපත්වී ඇති පෙත්සම පරාජය වනු ඇති බව තමන් විශ්වාස කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...