දේශීය පුවත්

ඊයේ (17) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ පවසාස් සිටියේ; ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ බලපෑමට ලක් වීමට සිදුව ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ මංගල සමරවීර ඇමතිවරයා කටයුතු කර තිබෙන ආකාරයෙන් වන හෙයින් ඔහුට මෙන්ම යහපාලන ආණ්ඩුවට එරෙහිවද වත්මන් රජය පියවර ගත යුතු බවත් මංගල සමරවීර ඇමතිවරයා කටයුතු කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ හෝ එකඟතාවයකින් නොවන බවත්ය.

”යහපාලන ආණ්ඩුවේ මංගල සමරවීර ඇමතිවරයාගේ ක්‍රියාකලාපය නිසා තමයි අද මෙහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඔහු කටයුතු කරලා තිබුණේ කැබිනට් මණ්ඩලයේ හෝ අනුමැතියක් නොමැතිව. රටක් තමන්ගේ රටකට විරුද්ධව විදේශ රටකට සහය දෙන්නේ නැහැ. නමුත් මංගල සමරවීර එය කළා. ඔහුට දේශීයත්වය ගැන කිසිම හැඟීමක් නැහැ. ඇමරිකාව සතුටු කිරීමට හෝ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට එවැනි ලියවිල්ලකට අත්සන් කළා වෙන්න පුළුවන්. මංගල සමරවීරට සහ යහපාලන ආණ්ඩුවට එරෙහිව රජය පියවර ගත යුතුයි. මොකද තාමත් ඒ යෝජනාවලිය ජිනීවා තුළ තිබෙනවා.”

එමෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවලිය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ එරට තානාපතිවරයාද මැදිහත්විය යුතු අතර තානාපතිවරු කටයුතු කළ යුත්තේ අපේ රට වෙනුවෙන් මිස විදේශ රටවල් හෝ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම වෙනුවෙන් නොවන බවද මෙහිදී උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මේ අතර අපේ රටේ ප්‍රශ්න අපිම විසඳාගත යුතු වන බවත් ඒවා විදේශ රටවලට පැමිණිලි කිරීමට යාමෙන් වෙන්නේ ලොකු අමාරුවක වැටීම බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More