දැනට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ බෝම්බකරුවකු සමග සමීප සබඳතා පවත්වා එකී අපරාධ සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් සැකපිට අත්අඩංගුවට ගත් අයෙකු වන අතර ඔහුගේ ප‍්‍රකාශ සටහන් කර සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (17 දා) පස්වරුවේ පොලිස්පතිවරයාට ලිඛිත නියෝගයක් කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ් අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඊයේ (17 ) මාධ්‍යට ප්‍රකාශ කළාය.
ඒ අනුව හිජාස් හිස්බුල්ලා මහතා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීම හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරැුකීමේ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා එමගින් පොලිස්පතිවරයාට නියෝග කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වැදුරටත් පවසා සිට්යාය.
එහිදී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ අපේ‍්‍රල් 14 වැනිදා අත්අඩංගුවට ගෙන පුරා මාස දහයකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරමින් විමර්ශන සිදු කර ඇති බවත් එකී විමර්ශන උද්ධෘත සලකා බැලූ නීතිපතිවරයා එකී නියෝගය ලබාදී ඇති බවත්ය.
නීතිපතිවරයා කළ විමර්ශන අනුව ඉහත දක්වා ඇති චෝදනා යටතේ සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් සාධාරණ සැකයක් ඇති බවට නිගමනය කළ නීතිපතිවරයා විසින් තන නියෝග නිකුත් කළ බව රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසා සිටියාය.
කෙසේ වුවද හිජාස් හිස්බුල්ලා රඳවා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කොට තිබූ මාස 9ක රැුඳවුම් කාලය පසුගිය ජනවාරි 11 වැනිදා අවසන් වී තිබූ අතර එදින සිට තවත් මාස තුනක කාලයක් සඳහා රැඳවුම් නියෝග නිකුත් කිරීමට් ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...