දේශීය පුවත්

වව්නියාව කුමාන්කුලම ප්‍රදේශයේ පදිංචි කන්දසාමි නම් පුද්ගලයෙකුගේ ගිණුමට විදේශ රටකින් ඒවා තිබු රුපියල් ට්‍රිලියනයක එනම් රුපියල් කෝටි ලක්ෂයක් ලබාගැනීම සඳහා එම පුද්ගලයා පැහැරගෙන යාමට තැත් කල පිරිසක් අත්අඩංගුව ගෙන තිබෙන බව පොලීසිය පවසනවා . පොලීසිය පවසා තිබු ආකාරයට මෙම සුවිශාල මුදල ඔහුට එවා තිබුනේ කිසියම් සංවිධානයකට ලබා දීම වෙනුවෙන් . එහෙත් එම මුදල ලබා ගැනීමට කන්දසාමි නම් පුද්ගලයා නිසි පරිදි තම අයිතිවාසිකම් නොපෙන්වීම නිසාත් එවැනි මුදලක් එවූ පුද්ගලයාගේ සැබෑ තොරතුරු හෙළි නොකිරීම නිසාත් අදාල මුදළ ඔහුට ලබා දීම මහබැංකුව ප්‍රතික්ෂේප කොට තිබෙනවා .

මෙම මුදළ ලබා ගැනීම සඳහා ඔහු විවිධ උත්සාහ දරා ඇති අතර ප්‍රයත්නය අසාර්ථක වීමෙන් පසුව නැවත වව්නියාව බලා ගිය බව පැවසෙනවා.

මෙම සිද්ධිය පිලිබඳව දැනගත් කන්දසාමි නැමැත්තාගේ හිතවතෙකු තවත් පිරිසක් හා එක්ව අදාල මුදළ ලබාගැනීම සඳහා ලියකියවිලි සකස්කොට ඇති බවත් එයට අත්සන් කිරීමට කොළඹට එන ලෙස කිහිප වතාවකදීම කන්දසාමිට පවසා තිබුණත් ඔහු එය මඟහරිමින් සිටින අතරතුර මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇති බව්යි පැවසෙන්නේ. කෙසේ හෝ මොහු පැහැරගැනීමට ලක්වන අතරතුර පිරිස මඟහැර ගොස් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පැහැරගැනීම සිදු කළ පිරිස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . අදාල පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 23 දක්වා රක්ෂිත බන්ධනාගර ගත කොට ඇති බවයි වාර්තා වන්නේ.
(මව්බිම පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More