ශ්‍රී ලංකාවේ පැවැති තිස් වසරක යුද්ධය 2009 වසරේ මැයි මසදී අවසන් කිරීම හේතුවෙන් වියරු වැටී සිටින කොටි ඩයස්පෝරාව ඇතුළු අධිරාජ්‍යයවාදී බලවේග රට බෙදුම්වවාදී ත්‍රස්ථවාදීන්ගෙන් බේරාගත් අභිත රණවිරුවන් මෙම මස 22 දා සිට ජිනිවා හි පවත්වන ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම් සභා සැසිවාරයේදි රණවිරුවන් මනුෂ්‍ය ඝාතනය කලා යැයි අභුත චෝදනා නගමින් පෝරකයට නැංවීමට දරණ උත්සාහයට එරෙහිව ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ගරැ පරවාහැර චන්දරතන නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ප්‍රංශයේ වාසය කරන ජාතිමාමක සහ දේශ හිතෛෂී ශ්‍රිලාංකිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ දින (පෙබරවාරි 17දා) සවස 2 සිට 4 දක්වා ප්‍රංශයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන ලදි.
මෙහිදි ප්‍රංශ විදේශ ඇමතිතුමාට කොටි ඩයස්පෝරාවේ සහ අධිරාජ්‍යයවාදී බලවේගවල සැබැ අරමුණු සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව කොටි පරාජය කළ මානුෂික මෙහෙයුමේ සැබෑ ස්වරූපයසහ ශ්‍රී ලංකාවේ සැබෑ ඓතිහාසික තත්වය තුළ දෙමළ නිජබිමක් නොමැති බව පැහැදිළි කරමින් සංදේශයක් ද භාරදුනි.
පවතින කෝවිඩි වසංගත තත්වය තුළ සියලුම සෞඛ්‍ය ආරක්ෂිත පිලිවෙත් අනුගමනය කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට ප්‍රංශයේ වෙසෙන දේශ මාමක ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහයෝගය හා දායකත්වය ලබා දිම සම්බන්ධයෙන් සංවිධාන කමිටුවේ ප්‍රණාමය සහ සහභාගීවු සැමට ස්තුතිය ද පල කරමින් අභිමානවත් ශ්‍රිලංකා ජාතික ගීතය ගායනා කරමින් උද්ඝොෂණ කටයුතු අවසන් කෙරුණි.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අපේ මව් බිම රැක දුන් අභීත රණවිරුවන් සඳහා මෙහෙම දෙයක්වත් කරන්න බැරිනං අපෙන් අැති වැඩේ මොකක්ද.
මට නං හරිම ෆිට්.