දේශීය පුවත්

වුනියාව සෙට්ටිකුලම් පොලීසිය පවසන ආකාරයට සෙට්ටිකුලම් පොලිස් වසමේ සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබියදී කිලෝ පහක් බරැති එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් ඊයේ(17) සවස හමුවී ඇති තිබේ.

සින්නතම්පනෙයි වැව ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකින් මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයාගනු ලැබ ඇත්තේ වව්නියාව පොලිස් රාජ්‍ය බුද්ධිඅංශ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව සෙට්ටිකුලම් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ එක්ව කරණු ලැබූ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් මතයි.

සෙට්ටිකුලම් පොලීසිය පවසන්නේ සින්නතම්පනෙයි කැලෑවේ සිදුකල සෝදිසියකදී ගසක් ආසන්නයේ පොළව යට ඉතා ආරක්ෂිතව වලදමා තිබූ එක් ඇඳුම් කට්ටලයක් කිලෝ දෙකහමාර් බැගින් වූ බරකින් යුක්ත මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක හමුවූ බවයි.

පොලිස් ආරංචි මාර්ග වලට අනුව අදාල මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක ගොඩගන්නා අවස්ථාවේදීද සක්‍රීයව ආරක්ෂාකාරීව තිබුනු බවටත් අවසන් යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනය සඳහා ආරක්ෂිතව මෙම ස්ථානයේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක වලදමන්නට ඇති බවටත් සැක මතුව තිබේ.

පරික්ෂණ කටයුතු මෙහෙයවන සෙට්ටිකුලම් පොලීසිය පවසන්නේ සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක අධිකරණ නියෝගයකින් නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලබාගන්නා බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More