දේශීය පුවත්

කොළඹ වරායේ සිට කොලොන්නාව නිමාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙත දිවෙන ඉන්ධන නල පද්ධතිය පිහිටි භූමියේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් සඳහා නව නිවාස ලබාදීමේ වැඩසටහන හා එක්වෙමින් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ත්‍රිකුණාමළයේ ඇති තෙල් ටැංකි නුදුරු දිනකදීම අප සතු වන බවයි.

ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම තෙල් ටැංකි සංකීර්ණය වන මෙම තෙල් ටැංකි දෙවන ලෝක යුද්ධයෙන් පසු භාවිතයට නොගත් බවත් 2003 වසරේදී එම තෙල් ටැංකි මෙරටට අහිමි වූ බවත් පැවසු අමාත්‍යවරයා 2017 වසරේදී අදාළ තෙල් ටැංකි පිළිබඳව අත්සන් කල ගිවිසුම් පසෙකලා නව රජය විසින් ගෙන එන ලද යෝජනාවලියට එකඟවෙමින් මෙම තෙල් ටැංකි ලක් රජය වෙත ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස්වරයා එකඟතාවය පළ කළ බව සඳහන් කළේය.

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද තෙල් ටැංකි සංකීර්ණය මුලින් ටැංකි 101 න් සමන්විතවූ අතර දැන් එයින් ඉතිරිව තිබෙන්නේ 99 ක් පමණයි.

ජනාධිපති ජේආර් ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 දී අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමළයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.

දෙමළ කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ පාළනය ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබුවා.

එම ගිවිසුම ප්‍රකාර, ත්‍රිකුණාමළයේ තෙල් ටැංකි 99ය වසර 37 ක කාලයක් සඳහා බදු දීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය සමාගමට පැවරුණ ද එවක පටන් IOC සමාගම භාවිත කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 14 ක් පමණි.

https://www.facebook.com/UdayaGammanpilaFanPage/videos/799467057310828



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More