ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිළ ප්‍රකාශයක් නිකුත් කරමින්, විදුලිබල ව්‍යාපෘති සඳහා චීනය සම්බන්ධ වීම පිළිබඳව ඉන්දියාව විසින් මතු කරන ලද කනස්සල්ලට ප්‍රතිචාර දක්වමින්; ශ්‍රී ලංකාවේ උතුරේ දූපත් තුනක් විදුලි ව්‍යාපෘති සඳහා චීන සමාගමකට ප්‍රදානය කිරීම හුදු වාණිජ කටයුත්තක් බවත් එය ජාත්‍යන්තරව පිළිගත් මිළ ගනන් කැඳවීමේ ක්‍රමවේදයකට අනුකූලව සිදු කළ බවත් සහතික කර තිබෙනවා.
යාපනයේ දූපත් වල පුනර්ජණනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීම සඳහා චීන සමාගමකට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේ කැබිනට් මණ්ඩලය යෝජනාව අනුමත කිරීමෙන් අනතුරුව ඉන්දියාව විසින් ඉන්දියාවේ ආරක්ෂාවට එය තර්ජනයක් විය හැකි බැවින් එම ක්‍රියාවලිය පිළිබඳව නැවත අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක කර තිබුණි.
මෙයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කළේ අදාල ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වූ සමාගම මුළුමනින්ම චීනයේ පෞද්ගලික ආයතනයක් බවයි.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය සදහා ආසියානු සංවර්ධණ බැංකුව මගින් අරමුදල් සපයන බවට ද චීන තානාපති කාර්යාලය සනාථ කොට තිබෙනවා. ඔවුන් තව දුරටත් ප්‍රකාශ කර සිටින්නේ ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට මෙවැනි අත්‍යවශය ව්‍යපෘතියක් වෙනුවෙන් වඩාත් සුදුසු කොන්ත්‍රාත්කරු තෝරා ගැනීමේ අයිතියක් ඇති බවයි

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...