දේශීය පුවත්

ඊයේ (16) දින පස්වරුවේ පැවැති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටීයේ පහසුකම් හේතුවෙන් සීමා වී ඇති විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනස් වියයුතු බව යි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට එක්වු අතර විද්‍යාර්ථයින් 1379 දෙනෙකු සඳහා උපාධි පිරිනැමීම මෙහිදි සිදු කෙරුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

“අපගේ විශ්වවිද්‍යාල ධාරිතාව පුළුල්වීමත් සමගම විශ්වවිද්‍යාල සම්පත් සීමාව මත නිර්ණය කරනු ලබන විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය වෙනස්විය යුතු වනවා. “සෞභාග්‍යයේ දැක්ම” අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි යටිතල පහසුකම්, තාක්ෂණය සහ මානව සම්පත් ප්‍රවර්ධනය අරමුණු කරගනු ලැබූ ආයෝජන මගින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ධාරිතාව ඉහළ දැමීම මගේ රජයේ වැදගත් ඉලක්කයක්. විශ්වවිද්‍යාල පහසුකම් පුළුල් කිරීම මගින් විශාල සිසුන් සංඛ්‍යාවකට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාවනවා. උසස් පෙළ විභාගයෙන් සිසුන් ලබාගන්නා ඉසෙඩ් අගය මත පමණක් සිසුන්ගේ අනාගතය තීරණය වීමට ඉඩනොදී ඔවුන්ගේ දක්ෂතා මත එය කළ යුතු වනවා,” යැයි වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More