වනජීවී හා වනසම්පත් අමාත්‍ය සී. බී. රත්නායක මහතා සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ද එකඟත්වයෙන්; දැඩි කතා බහට ලක්ව ඇති මධ්‍යම අධිවේගය ඉදිකරන වැඩබිමේ තිබෙන “කෲඩියා සිලනිකා” හෙවත් “පඬු කරඳ” ගස එම ස්ථානයෙන් ඉවත් නොකොට එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
ශාකය කපා ඉවත් කිරීම හෝ වෙනත් තැනක සිටුවීමක් සිදු නොකර ගස එම ස්ථානයෙන් ඉවත් නොකොට එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දෙමින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් මේවනවිටත් යවා ඇති බව ද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යැවූ ලිපියට ලැබෙන පිළිතුර ඉදිරි කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශවේ.
ගස ඉවත් කිරීමට එරෙහිව පරිසරවේදීන් සහ තවත් විශාල පිරිසක් දැක්වූ විරෝධතා සහ විද්වතුන්ගේ අදහස්ද සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...