ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනකු විසින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය මෙරට ප‍්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුව සලකා බැලීම සඳහා ලබන මැයි 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16 ) නියෝග කළේය.
අධිකරණය හමුවේ පෙත්සම්කාර පාර්ශවය පවසා සිටියේ,පසුගිය දිනවල පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන ලද උසස්වීම් කි‍්‍රයාවලියේදී බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීම, උසස්වීම් රෙගුලාසිවලට පටහැනි බවත් එම රෙගුලාසිවල ‘කාන්තා’ යන වචනය සඳහන් නොවන බවත්ය.
මුර්දු ප‍්‍රනාන්දු, ශිරාන් ගුණරත්න හා අචල වෙංගප්පුලි යන විනිසුරු මඬුල්ල හමුවේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවා තිබුණි.
එහිදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර අධිකරණයේදී කරුණු දක්වමින් මේ වනවිට එම නියෝජ්‍ය පොලිස්පතිනියට ලබාදී ඇති උසස්වීම කි‍්‍රයාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නියෝගයක් නික්කුත් කිරීම
තම සෙවාදායකයන් අධිකරණයෙන් අපේක්‍ෂා කරන බව කියා සිටියේය.
බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය මහතා එම පෙත්සමට අදාළ ලේඛන තම පාර්ශ්වය වෙත මෙතෙක් ලැබී නොමැති බවත් එකී ලේඛන ලැබුණු පසු පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කිරීමට අපේක්‍ෂා කරන බවත් අදිකරණය හමුවේ පවසා සිටියේය.
එහිදී දෙපාර්ශව්යේම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල ඊයේ (16 ) සිට ඉදිරි සති තුන ඇතුළත විරෝධතා ගොනුකරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළ අතර එකී සති තුන අවසන් වූ පසු ඉදිරි සතිය ඇතුළත ඒ සම්බන්ධයෙන් ප‍්‍රති විරෝධතා ගොනුකරන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...