දේශීය පුවත්

ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හගඟවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ගැනීම පිළිබඳව දැනගත් වහාම කර්මාන්ත අමාත්‍යය විමල් වීරවංශ මහතා ඒවා රේගු භාරයට ගන්නා ලෙස උපදෙස් දුන් බව මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ මාධ්‍යය ලේකම් අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මහතා පවසා සිටී. සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්.

රජය දේශීය නිෂ්පාදකයාට වැඩි අවස්ථා ලබාදීමේ අරමුණින් ආනයනය නවතා ඇති පසුබිමක මෙරට ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හගවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ඇති බව දැනගත් වහාම තමන් ඒවා රේගු භාරයට ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට උපදෙස් ලබාදුන් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේය.

කර්මාන්ත අමාත්‍යංශයේ කැදවීමට අනුව එම ආයතනය නියෝජනය කරමින් පැමිණි සිටි නියෝජිතයාට අමාත්‍යවරයා තදින් දෝෂාරෝපණය කළ අතර එම ආයතනයට සහ එම ආනයනය සිදු කිරීමට අවසර ලබාදුන් නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන්නේය.

දේශීය ව්‍යවසායකයා රැකීමට තමන් හැකි හැම අවස්ථාවේදීම මැදිහත් වන බවත් මෙවන් වංචනිකයන් රැකීම වෙනුවෙන් කිසි ලෙසකින්වත් මැදිහත් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ පිළිබද ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු සියල්ලන්ටම එරෙහිව නීතිමය පියවර ගැනීමට කිසිසේත්ම පසුබට නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More