දේශීය පුවත්

කොවිඩ් – 19 ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාගතයුතු අවදානම් ලැයිස්තුවේ පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන් 225ම නම් ඇතුලත්ව තිබුන ද අද දිනය අවසන් වන විට ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ලබාගෙන ඇත්තේ පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 19 දෙනෙකු පමණක් බව වාර්තාවේ.

ජනතාවගෙන් මිලියනයක ප්‍රමාණයක් හෝ එන්නත් කරන තෙක් තමන් එන්නත ලබා නොගන්නා බව මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් පවසා තිබුණි.

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන මහින්දානන්ද අළුත්ගමගේ මහතා ද එන්නත ලබා ගැනීම පස්සට කල් දමා ඇත්තේ පොදු මහජනතාව අතරෙන් එන්නත අවශ්‍ය කෙනෙකුට එම අවස්ථාව ලබා දීම සඳහා තමන් එන්නත ලබා ගැනීමෙන් වැලකී සිටින බව අමාත්‍යවරයා පවසා තිබේ.

මේ අතර මෙම එන්නත ඉක්මනින්ම ජනතාවට ලබාදිය යුතු යයි පුන පුනා ප්‍රකාශ කළ අනුර කුමාර දිසානායක, පාඨලී චම්පික, සුදර්ශනී ෆනෑන්ඩුපුල්ලේ, සජිත් ප්‍රේමදාස ඇතුළු අනෙක් මැති ඇමතිවරුන් තමන් විසින් ද එන්නත ලබාගෙන එය ක්‍රියාවෙන්ම පෙන්නුම් කරන තෙක් විමසිළිමත් ජනතාව බලා සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More