ක්‍රීඩා පුවත්

රටවල් 7ක සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දෙදිනක් පුරා පැවැති 3 වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 20ක් රිදී පදක්කම් 22ක් හා ලෝකඩ පදක්කම් 8ක් දිනාගත් ඉන්දියාව එහි ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර දෙවැනි ස්ථානය රන් පදක්කම් 12ක් රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 19ක් සමඟින් ශ්‍රී ලංකාවට හිමි විය.

තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (6දා) නව තරග වාර්තා 10ක් බිහි වූ අතර ඉන් තරග වාර්තා 6කට ඉන්දියාවත් වාර්තා 4කට ශ්‍රී ලංකාවත් හිමිකම් කීය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන අමාෂා ද සිල්වා රන් පදක්කම් 4ක්, දිල්ෂි කුමාරසිංහ රන් පදක්කම් 3ක් හා අරුණ දර්ශන රන් පදක්කම් 3ක් දිනා ගැනීම කැපීපෙනිණි.
මීටර් 400 කඩුලු ඉසව්වේදී පී.එල්.කොඩිකාර තප්පර 52.56කින් නිමාකොට නව තරග වාර්තාවක් පිහිටුවමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර ශ්‍රී ලංකා 4 ඔ 400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායමද මිනිත්තු 3යි තප්පර 8.21ක නව තරග වාර්තාවක් පිහිටුවා එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය.

තවද මීටර් 800 ඉසව්ව මිනිත්තු 2යි තප්පර 7.73ක කාලයකින් නිමාකර නව තරග වාර්තාවක්ද සමඟින් රන් පදක්කම හිමිකරගන්නට දිල්ෂි කුමාරසිංහ සමත් වූවාය. එමෙන්ම ශ්‍රී ලංකා
4 ඔ 400 කාන්තා සහාය දිවීමේ කණ්ඩායමද එම ඉසව්වේ රන් පදක්කම හිමිකරගත්තේ මිනිත්තු 3යි තප්පර 43.31ක නව තරග වාර්තාවක්
ගොඩ නඟමිනි.

මීටර් 200 කාන්තා ඉසව්ව තප්පර 24.70ක කාලයකින් නිමා කළ අමාෂා ද සිල්වා එහි රන් පදක්කම හිමිකර ගනිද්දී රිදී පදක්කම ශ්‍යාමිලා ජෑන් විසින්ද ලෝකඩ පදක්කම ශෙලින්ඩා ජන්සෙන් විසින්ද දිනාගැනීම කැපීපෙනිණි. එසේ කාන්තා ඉසව්වේ පදක්කම් 3ම ලංකාව සතුකර ගනිද්දී මීටර් 200 පිරිමි ඉසව්ව තප්පර 21.50ක කාලයකින් නිමා කළ අනුර දර්ශන එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් අතර මීටර් 800 ඉසව්වේ රන් පදක්කම මිනිත්තු 1යි තප්පර 53.35ක කාලයකින් තරගය නිම කළ එච්.එස්. කරුණාරත්න විසින් දිනාගන්නා ලදී.

තරගාවලියේ පළමු දිනයේදීද නව තරග වාර්තා 10ක් බිහිවූ අතර තරගාවලියේ දෙවැනි දිනයේදී සිදුවූ මෙන්ම ඉන් තරග වාර්තා 6ක් ඉන්දියාවටත් 4ක් ශ්‍රී ලංකාවටත් හිමි විය. මීටර් 400 පිරිමි ඉසව්ව තප්පර 46.55ක කාලයකින් නිමා කළ අරුණ දර්ශන නව තරග වාර්තාවක් හා ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් පිහිටුවා එහි රන් පදක්කමට හිමිකම් කීවේය. එම ඉසව්වේ රිදී හා ලෝකඩ පදක්කම් දෙකත් පිළිවෙළින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන පී.එල්. කොඩිකාර හා පබසර නිකූ විසින් දිනා ගැනීම කැපීපෙනිණි.
එමෙන්ම මීටර් 400 කාන්තා ඉසව්වේදීද නව තරග වාර්තාවක් පිහිටුවා තප්පර 54.47ක කාලයකින් තරගය නිමා කළ දිල්ෂි කුමාරසිංහ විසින් රන් පදක්කම දිනා ගන්නා ලද අතර එම ඉසව්වේ සිවු වැනි ස්ථානය හිමිකරගත් තාරකා දිව්‍යාංජලී ඇගේ හොඳම තරග කාලය වාර්තා කළාය.

තවද මීටර් 100 කාන්තා ඉසව්වේදී තප්පර 11.92ක තම හොඳම පෞද්ගලික තරග කාලය වාර්තා කළ අමාෂා ද සිල්වා රන් පදක්කම හිමිකර ගත්තේ නව තරග වාර්තාවක්ද පිහිටුවමිනි. ශෙලින්ඩා ජන්සෙන් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

කෙසේ වෙතත් මීටර් 4 ඔ 100 කාන්තා සහාය දිවීම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එහි රන් පදක්කමට හිමිකම් කියූ අතර නව තරග වාර්තාවක් හා ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක්ද පිහිටුවීය. ශෙලින්ඩා ජන්සෙන්, ශ්‍යාමිලා ජෑන්, සාෆියා යමික් සහ අමාෂා ද සිල්වා ශ්‍රී ලංකා මීටර් 4 ඔ 100 කාන්තා සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් විය. නමුත් මීටර් 4 ඔ 100 පිරිමි සහාය දිවීමේ තරගයේදී

ශ්‍රී ලංකා කණ්ඩායමට යෂ්ටිය ගිලිහී යෑමේ ප්‍රශ්නයක් මත අවාසනාවන්ත තත්ත්වයක් උදා විය.
උස පැනීමේ ඉසව්වේදී මීටර් 2.04ක උසක් තරණය කළ තරිඳු දසුන් එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More