පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාංසිහ මහතාගේ ද සහභාගගීත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී හෙළිවී ඇත්තේ; ගෙවී ගිය දශකය තුළ ලෝකයෙන් සදහටම තුරන් වූ දියගොඩ දෙකෙහිම වාසය කරන සතුන් අතුරින් වැඩිම පිරිසක් අහිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි පසුගිය සතියේ බ්‍රහස්පතින්දා පරිසර සංවිධානවල නියෝජිතයන්, පරිසර විද්‍යාඥයන් හා පරිසර මාධ්‍යවේදීන් පිරිසක් සමග අමාත්‍යවරයා පරිසර සංරක්ෂණය උදෙසා ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇති අතර; වඳවී ඇති උභය ජීවී විශේෂ තිස් පහකින් විශේෂ විසි එකක්ම ශ්‍රී ලංකාවට ආවේනික උභය ජීවින් බව රතු දත්ත පොතේ වාර්තා උපුටා දක්වමින් පරිසරවේදීන් අමාත්‍ය මහින්ද අමරවීර ට පෙන්වා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
සාකච්ඡාවට ගැනුණු ක්‍රියාමාර්ග කවරේදැයි රජය ප්‍රකාශයට පත්කර නැති අතර එහිදී එම පර්ශවකරුවන් පෙන්වා දී ඇත්තේ නිසි අවධානයට යොමු නොවීම නිසා අපේ රටේ ඇතැම් ගහකොළ මෙන්ම සත්ව විශේෂ ද වඳ වී යාමේ තර්ජනයට ලක් ව සිටින බවයි.
ගම්පහ මීරිගම පඬු කරඳ ශාඛය


වඳ වි ගොස් ඇතැයි සැලකූ ගම්පහ මීරිගම පිහිටි පඬු කරඳ ශාඛය වැනි වඳ වි යාමේ තර්ජනයට ලක්ව ඇති තවත් ශාඛ විශේෂ 10කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනාගෙන තිබෙන අතර, එම ශාඛ මෙන්ම වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂ ආරක්ෂා කර ගැනීමට කඩිනමින් එම පාරිසරික සම්පත් කපා දැමීම හා විනාශ කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් පළ කරන ලෙස එම පිරිස අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාරේතමේන්තුව පවසන්නේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින එම ශාඛ හා සත්ව විශේෂ සම්බන්ධව තමන්ට විස්තර ලබා දෙන ලෙස අමාත්‍යවරයා එහිදී පරිසර සංවිධානවලින් ඉල්ලා ඇති බවයි.
එම ලැයිස්තුව ලැබුණු පසු අදාල අංශ සමග සාකච්ඡා කර වඳ ව යාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ මෙන්ම සත්ව විශේෂ ද ආරක්ෂා කර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් පළ කිරීමට මෙන්ම අවශ්‍ය සංරක්ෂණ පියවර ගැනීමටත් සුදානම් බව අමාත්‍යවරයා එහිදි පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...