දේශීය පුවත්

කොවිඩ් නව ප්‍රභේදය සහිත ආසාදිතයින් හඳුනාගෙන තිබුණද රට වසාදැමීමේ (ලොක් ඩවුන් කිරීමේ) කිසිම අවශ්‍යතාවක් මතු වී නැති බව ඊයේ (15) සිය අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

තවදුරටත් මේ පිළිබඳව විමර්ශනය කරමින් පවතින අතර රටක් වැසීමට අවශ්‍යතාවක් නැති අතර ඉතා සීමිත සංඛ්‍යවක් හඳුනා ගෙන තිබෙන බව ඇය පැවසුවාය.

මේ වන විට වැදගත් වෙන්නේ අලුත් වෛරසයද, පරණ වෛරසයද යන කාරණය නොව මේ පොකුරෙන් පිටතට පැතිරීම වළක්වා ගැනීම බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරන ලදී.

ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, වසංගත විද්‍යා අංශය මෙන්ම ක්ෂේත්‍රයේ සිටින සෞඛ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ සහයෝගයෙන් කටයුතු කරගෙන යන බවයි ඇය පෙන්වා දුන්නේ.

නව ප්‍රභේදය සහිත හඳුනා ගෙන තිබෙන ආසදිතයින්ගෙන් වැඩි දෙනෙක් විදෙස් රටවල සිට පැමිණ සිටින අය වන අතර ඔවුන්ගෙන් සමාජයට බෝ වීමේ අවදානමක් නැති බවද අමාත්‍යවරිය කියා සිටියාය.

”මේක බයවෙන්න තරම් කාරණාවක් නැහැ. අපි අවධානයෙන් ඉන්න නිසා තමයි මේක හොයා ගත්තේ. අපි නිතරම ජනතාවට කිව්වා ඕනෑම වෙලාවක් මේ කොවිඩ් 19 වෛරසය වෙනස් වෙන්න පුළුවන්. අලුත් වර්ග මතුවෙන්න පුළුවන් කියල. හඳුනා ගැනීම ඉතාම සාධනීයයි. මේ හඳුනා ගැනීම කළා කියල රට ලොක් ඩවුන් කිරීම කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ පොකුරු පාළනය කිරීම ඉතාම වැදගත්”.

“අපිට පේනවා මේ අවදානම ගැන ජනතාවගේ තියෙන බය නැති වෙලා කියලා. ජනතාවගේ අවදානම් හැසිරීම් රටාවන් අපි දකිනවා. ග්‍රාමීය ජනතාව පමණක් නෙවෙයි අද නාගාරික ජනතාව හෝටල්වල, රාත්‍රියේදී අවදානම් ලෙස ක්‍රියාකාරකම්වල යෙදෙනවා. මුඛ ආවරණ නොමැතිව එකට එකතු වෙලා ජනතාව ඒකරාශී වෙනවා. මගුල් ගෙවල් හරහා යම් යම් පොකුරු රට පුරා නිර්මාණය වෙනවා. ඒ නිසා මේ සෙනග රැස්වීම පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩිව තීන්දු ගත්තා. අපි ඉල්ලන්නේ සෙනග එකතු වීම අවම කරන්න.”

කෙසේවෙතත් නව ප්‍රභේදය රට තුළ හඳුනාගැනීමත් සමඟ මාර්ගෝපදේශවල වෙනසක් අවශ්‍ය නොවන අතර දැනට ලබා දී ඇති මාර්ගෝපදේශ නිසිලෙස පිළිපදින ලෙස රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More