දේශීය පුවත්

ඉන්දීය මාධ්‍යය වාර්තා වලට අනුව ත්‍රිපුර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යය බිප්ලාබ් ඩෙබ් මහතා අනාවරණය කර ඇත්තේ වර්තමාන ඉන්දීය ස්වදේශීය කටයුතු අමාත්‍යයවරයා මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ අමිත් ෂා මහතා මහතා ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ “භාරතීය ජනතා පක්ෂ” ආණ්ඩු පිහිටුවීමට අවශ්‍යය සැලසුම් සකස් කර ඇති බව පැවසූ බවයි.

ත්‍රිපූර ප්‍රාන්තයේ මහ ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ පසුගිය සෙනසුරාදා “රබීන්ද්‍රර සතබාර්ෂිකි භවන්” හිදී පැවති භාරතීය ජනතා පක්ෂයේ රැස්වීමකදී අමාත්‍ය අමිත් ෂා මහතා මේ බව ප්‍රකාශ කළ බවයි.මහ ඇමතිවරයාට අනුව භාරතීය ජනතා පක්ෂය සමස්ත ඉන්දියාවේ සියළුම ප්‍රාන්ත ජය ගැනීමෙන් අනතුරුව අසල්වැසි රටවල භාරතීය ජනතා පක්ෂය ස්ථාපිත කිරීම සහ භාරතීය පක්ෂ ආණ්ඩු පිහිටවීමට මැදිහත්වීමට නියමිතය.

“අපි රජයේ තානායමක සාකච්ඡාවක නිරත වී සිටින අතර තුර භාරතීය ජනතා පක්ෂයේ වයඹ පළාත් ලේකම් අජේ ජම්වාල් පවසා සිටියේ භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත වල ආණ්ඩු පිහිටුවා හමාර බවයි. එයට පිළිතුරු වශයෙන් ස්වදේශීය කටයුතු අමාත්‍යය අමිත් ෂා නේපාලය සහ ශ්‍රී ලංකාව දැනට ඉතිරිවී ඇති බවත් අපට ශ්‍රී ලංකාවට සහ නේපාලය කෙරෙහි අවධානය යොමු කර එම දෙරටෙහි අපේ ආණ්ඩු ස්ථාපිත කිරීමට කටයුතු කිරීමට සිදුවන බවත් පවසා සිටියා.” යැයි ත්‍රිපුර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යය බිප්ලාබ් ඩෙබ් මහතා පැවසූ බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර සිටී.

ප්‍රධාන අමාත්‍යය බිප්ලාබ් ඩෙබ් මහතා ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යයවරයාගේ දක්ෂතාවයන් අගය කරමින් මාධ්‍යය වෙත අදහස් දක්වා ඇත්තේ අමිත් ෂා ගේ නායකත්වය යටතේ භාරතීය ජනතා පක්ෂය සමස්ත ලෝකයේම වැඩිම සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින පක්ෂය බවට පත් කිරීමට හැකිවූ බවයි. ඔහුට අනුව මෙතෙක් කලක් එම වාර්තාව ලෝකයේ අත් පත් කරගෙන තිබුනේ කොමියුනිස්ට් පක්ෂ විසින් බවයි.

මේ අතර ඉන්දියාවේ විපක්ෂයේ පක්ෂ ප්‍රධාන අමාත්‍යය බිප්ලාබ් ඩෙබ් මහතා මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ ඉහළ නායකත්වයෙන් වහාම පැහැදිළි කිරීමක් අවශ්‍යය බව පවසා සිටී.

සීපීඅයි (එම් ) පක්ෂයේ නායක හිටපු මන්ත්‍රී ජිතේන්ද්‍ර චෞද්‍රි මහතා ප්‍රධාන අමාත්‍යය බිප්ලාබ් ඩෙබ් මහතාගේ මාධ්‍යය ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ප්‍රධාන අමාත්‍යය බිප්ලාබ් ඩෙබ් මහතාට ප්‍රජාතන්ත්‍රවාදය සහ ඉන්දීය ව්‍යවස්ථාව සමබන්ධයෙන් කිසිදු අවබෝධයක් නැති බවයි.මෙහිදී ජිතේන්ද්‍ර චෞද්‍රි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ප්‍රධාන අමාත්‍යය බිප්ලාබ් ඩෙබ් මහතාගේ ප්‍රකාශය ස්වාධීන රටක අභ්‍යයන්තර කටයුතු කෙරෙහි මැදිහත් වීමට කටයුතු කරන බව ප්‍රකාශයට පත් කිරීමක් බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සීපීඅයි (එම් ) පක්ෂයේ නායක හිටපු මන්ත්‍රී ජිතේන්ද්‍ර චෞද්‍රි මහතා චෝදනා කරන්නේ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යයවරයා “නේපාලයට එරෙහිව රාජ්‍යය කුමන්ත්‍රණයක් ” කරණ බවත් සාක්ෂිකරුවෙකු ලෙස ඉන්දීය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කළ තනතුරක් දරන ත්‍රිපුර ප්‍රාන්තයේ මහ ඇමතිවරයා යොදාගෙන ඇති බවත්ය.

එහිදී ජිතේන්ද්‍ර චෞද්‍රි මහතා වැදිදුරටත් අවධාරණය කර සිටින්නේ ත්‍රිපුර ප්‍රාන්තයේ මහ ඇමතිවරයාගේ ප්‍රකාශය සරලව ඉවත දැමිය හැකි ප්‍රකාශයක් නොවන බවත් මේ සම්බන්ධව භාරතී ජනතා පක්ෂයේ ඉහළම නායකත්වයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යය බවත් ඒ සඳහා අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ දායකත්වය අත්‍යාවශ්‍යය බවත්ය.

මේ අතර ත්‍රිපුර කොන්ග්‍රස් ඒකකයේ උප සභාපති ටාපාස් දේ මහතා ප්‍රකාශ කරන්නේ ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යය අමිත් ෂා ගේ ප්‍රකාශය අධිරාජ්‍යයවාදී ප්‍රකාශයක් වන බවත් ඉන්දියාව වසර ගණන් ඉන්දීය ස්වදේශිකයාගේ ජීවිත පූජා කරමින් සටන් වැදුනේ අධිරාජ්‍යයවාදයට එරෙහිව බවත් පවසා සිටියේය. එහිදී ත්‍රිපුර කොන්ග්‍රස් ඒකකයේ උප සභාපති ටාපාස් දේ මහතා අවධාරණය කළේ නේපාල රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පළුදු වන ලෙස ඉන්දියාවට ඇඟිලි ගැසීම් කළ නොහැකි බවයි.

BJP අරමුණ නව යටත් විජිතයක්ද ?

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More