දේශීය පුවත්

විමල් වීරවංශ මහතා විපක්ෂයට එක් වන්නේ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදුකරන ලද මාධ්‍ය ප‍්‍රකාශ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා තම සමාජ ජාල ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබේ. එහිදී අමාත්‍යය විමල් වීරවංශ මහතා පවසා සිටින්නේ බංකොලොත් දේශපාලනයක නිරත වීමට එතුමාට කිසිදු අදහසක් නැති බවයි.

විමල් වීරවංශ මහතාගේ සමාජ ජාල ගිණුම ඔස්සේ ඒ මහතා තබා ඇති සටහන මෙසේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විපක්ෂයේ බංකොලොත් බලවේග වෙත…

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය පසුගිය දිනක මාධ්‍ය හමුවක මා පිළිබදව සහ අප නියෝජනය කරන දේශපාලන මතය පිළිබදව අදහස් පල කර ඇති බව දුටිමි. ඇය එහිදී පවසන්නේ ඉදිරියේදී අප ඔවුන් සමග එක්ව දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට සුදානමින් සිටින බවයි. ඇය මෙන්ම තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු බොහොමයක් එම අදහසම ප්‍රකාශ කරමින් සිටිනු දැකගන්නට ලැබුණි.

ඒ පිළිබද අපට ඔවුන් වෙත ලබා දිය හැකි සරළම පිළිතුර වන්නේ ”එවැනි බංකොලොත් දේශපාලනයක නිරත වීමට අපට කිසිදු අදහසක් නැති බවයි”. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය ඇතුළු බංකොලොත් විපක්ෂයේ බංකොලොත් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමට තරම් අප බංකොලොත්ව නැති බව ඔවුන් වටහා ගත යුතුව තිබේ. විපක්ෂයේ භූමිකාව වෙනුවෙන්වත් පෙනී සිටීමට හැකියාවක් නැති ළදරු විපක්ෂයක් වෙනුවෙන් අප පෙනී සිටිනු ඇතැයි සිතීමම විහිළුවකි.

අප පෙනී සිටින්නේ අප ගැන විශ්වාසය තැබු 69 ලක්ෂයේත් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙනි, රටට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, ආණ්ඩුවට පැවැත්මට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, සමස්ථ ලාංකිකයන් අපේක්ෂා කරන තැනට අප මාතෘ භුමිය රැගෙන යෑම වෙනුවෙනි. ඒ ගමනේදී ඉතිහාසය පුරාවටම අප හට එල්ල කල ප්‍රහාරයන් මැද වුවද අපගේ අරමුණු අත් නොහළ බව අප ඔප්පු කොට තිබේ. අනාගතයේදීත් එම අරමුණු වල වෙනසක් නොවන බවද විශ්වාසයෙන් යුතුව කියමි.

අපගේ අදහස් සහ භාවිතාව වරදවා වටහා ගත් සියලු දෙනාටම සංවේගය පල කරමි…



One thought on “බංකොලොත් දේශපාලනයක නිරත වීමට කිසිදු අදහසක් නැහැ-අමාත්‍යය විමල් වීරවංශ”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More