දේශීය පුවත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) දින රටේ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දාරළුවේ පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුතු “පඬුකරඳ” (කෲඩියා සෙලනිකා) ගස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ; මේ සම්බන්ධයෙන් ගත යුතු උචිතම ක්‍රියාමාර්ගය ගස ඒ ආකාරයෙන්ම තිබීම බවත්, ඒ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් නම්‍යශීලීව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්ය.

එම ස්ථානයට හිටපු ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව හා පරිසර සංවිධාන මෙම ගසෙහි වටිනාකම සම්බන්ධයෙන් හා වත්මන් තත්ත්වය පිළිබඳව සඳහන් කළහ. “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානයේ නියෝජිතයකු විසින් ගස සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාවක් මෙහි දී ජනාධිපතිවරයාට බාරදුන් අතර ගස සමීපයටම ගිය හිටපු ජනාධිපතිවරයා ගසට ගෞරව ආචාරය පුද කළේය.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

“සුන්දර පරිසරයක පිහිටි දාරළුව ගම්මානයට පැමිණීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. දුර්ලභ ගසක්, වටිනා සම්පතක් වන මේ ගස වෙත මේ වන විට සියලු නිළධාරීන්ගේ හා රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වටිනාකම හේතුවෙන් මහා සංඝරත්නය මේ ගස ශාසනයට පූජා කළා. අපිත් පූජා වස්තුවක් ලෙස ඊට සලකන්න ඕනේ”.

“ජනතා ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. මම මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව රජය, අදාල ආයතන හා නිළධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරනවා. ගස ආරක්ෂා කර ගැනීමට පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා.

“මගේ මතකය අනුව මම ජනාධිපති සමයේ ලැබුණු මුල් සැලැස්මේ මේ ගස මග අරින සැලැස්මක් තිබුනු බව මතකයි. ගසට පරිසරයට ආදරය කරන පිරිස් කරන ඉල්ලීම් සලකා බලා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු නොවුණු ඇතැයි මම විශ්වාස කරනවා. මම ජනාධිපති කාලයේ මේක සම්බන්ධයෙන් මට වාර්තාවක් ලැබුණේ නැහැ”.

“අද ගත යුතු උචිතම ක්‍රියාමාර්ගය මේ “පඬුකරඳ” (කෲඩියා සෙලනිකා) ගස මේ ආකාරයෙන්ම තිබෙන එකයි” – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
යැයි හිටපු ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More