දේශීය පුවත්

ශ්‍රී ලංකා නායකයන් සමඟ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය නිරන්තරයෙන් සාකච්ඡා කර ඇති බවත් දෙමළ ජනතාවට සමානාත්මතාව, යුක්තිය, සාධාරණත්වය, සාමය සහ අභිමානය ඇතිව ජීවත්වීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට පියවර ගන්නා බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෙන්නායි නුවර දී ඊයේ (14) දින ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සිටින දෙමළ සහෝදර සහෝදරියන්ගේ සුබසාධනය සහ බලාපොරොත්තු ඉටු කිරීමට සිය ආණ්ඩුව සෑම විටම පියවර ගෙන ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි මෙසේ සඳහන් වෙයි.

‘‘යාපනයේ සංචාරය කළ එකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීමට ලැබීම භාග්‍යයක්. සංවර්ධනය තුළින් අපි ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ අභිලාෂ ඉටු කරනවා. දෙමළ ජනතාවට අතීතයට වඩා වැඩි වශයෙන් අපි සම්පත් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාතේ අවතැන් දෙමළ ජනතාවට නිවාස 50,000 ක ව්‍යාපෘතිය, නොමිලේ ලබාදෙන ගිලන් රථ සේවය, වතුකරයේ නිවාස 4,000 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය, දික්ඔය රෝහල, යාපනය සහ මන්නාරම අතර නැවත ඉදි කෙරෙන දුම්රිය මාර්ගය, චෙන්නායි සිට යාපනයට ගුවන් ගමන් ආරම්භ කිරීම යනාදිය සිය රජය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති බව සඳහන් කරන්න අවශ්‍යයි.“

“යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉක්මනින් ම විවෘත කරනවා.“

“අපේ ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්නය දීර්ඝකාලීන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයේ ඉතිහාසය මතක් කරන්න මා සූදානම් නැහැ. අපේ ආණ්ඩුවේ අපේ නෛතික අභිලාෂ ආරක්ෂා කරන බවට මා සහතිකයක් දෙනවා“

“ශ්‍රී ලංකාවේ දී අපේ ධීවරයන් අත්අඩංගුවට ගත් විගස ඔවුන් නිදහස් කරගැනීමට අපි පියවර ගන්නවා. මගේ කාලය තුළදී ඉන්දීය ධීවරයන් 1,600 ක් පමණ නිදහස් කරගෙන තිබෙනවා. මේ වෙද්දි කිසිදු ඉන්දීය ධීවරයකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ නැහැ. ඒ වගේම බෝට්ටු 313ක් නිදහස් කරගැනීමට ද අපි සමත් වී සිටිනවා. ඉතිරි බෝට්ටු ටික ද අපි නිදහස් කරගන්නවා.“ යයිද එම නිවේදනයේ සඳහන් වේ.
(ලංකාදීප පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More