දේශීය පුවත්

එළාර – දුටුගැමුණු අන්තිම සටන පැවැති පුරාවිද්‍යා භූමියේ නිවාස ඉදිකිරීම සඳහා බව පවසමින් ඩෝසර් කර පුරාවිද්‍යා වස්තු විනාශ කළ පුද්ගලයන්ට පුරාවිද්‍යා පනත වහාම ක්‍රියාත්මක කරන්නැයි බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විජිතපුර බලකොටුවට ආසන්නයෙන් පිහිටා ඇති බැලුම්ගල නම් වූ පුරාවිද්‍යා භූමිය නිවාස සංවර්ධන අධිකාරිය මඟින් යන්ත්‍ර සූත්‍ර යොදා පුරාවිද්‍යා ස්මාරක විනාශ කොට ඇතැයි පසුගියදා මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමත් සමඟ පෙරේදා (07දා) පස්වරුවේ බොදුබල සේනා සංවිධානය සහ තවත් බෞද්ධ සංවිධාන නියෝජනය කරන භික්ෂුන් වහන්සේ කිහිප නමක්ම එම ස්ථානයට පැමිණ සිදුව ඇති විනාශය පිළිබඳව නිරීක්ෂණය කරන්නට වූහ.

භික්ෂුන් වහන්සේගේ නිරීක්ෂණයේදී තවදුරටත් නිදන් හෑරූ ස්ථාන රැසක් අනාවරණය වීම විශේෂත්වයකි. විශාල ගල් ආරුක්කුවලින් ගල් පියන්වලින් වසා ඇති ස්ථාන හාරා ඇති අයුරු මෙහිදී භික්ෂුන් වහන්සේ විසින් සොයාගැනීම විශේෂත්වයකි. පහළ සිට බැලුම්ගල නම් වූ ගල් තලාවට ගොඩවීම සඳහා ඉපැරැණි පඩිපෙල් සහිත ස්ථානය සොයා ගැනීමද මෙහිදී සිදු කෙරිණි. බැලුම්ගල නම් ස්ථානයට ගොඩ වූ විට අනුරාධපුර, විජිතපුර, අවුකන, රිටිගල – උස්ගල ආදී අවට සම්පූර්ණ ප්‍රදේශය දර්ශනය වීම දැක ගැනීමට හැකියාව ලැබිණි.

මේ ස්ථානය එළාර රජු හා සේනාව විසින් දුටුගැමුණු රජුට හා සේනාවට පහරදීමට යොදගත් හා ඔවුන්ගේ අවි ගබඩාව තිබූ ස්ථානය ලෙස ගම්මු හඳුන්වති. මේ ස්ථානයේ අන්තිම සටනේදී එළාර රජු පරාජය වීමත් සමඟ බලකොටුව තුළ විහාර ආරාම කරවා මහා සංඝරත්නයට පූජා කොට ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

පුරාවස්තු විනාශය පිළිබඳව සොයා බැලූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කර සිටියේ මෙවැනි විනාශයන් පිළිබඳව මාධ්‍ය මඟින් හෙළිදරව් වීම නිසා රටේ ජනතාවට දැනගත හැකි වූ බවය. එනිසා මාධ්‍යයට ස්තුතිවන්න වන බවද උන්වහන්සේ සඳහන් කළහ.

පුරාවිද්‍යා භූමිය විනාශ කළ සියලු දෙනාට දඬුවම් ලබාදීම සිදුකළ යුතු යැයිද පුරාවිද්‍යා ආඥා පනත යටතේ මෙම පිරිසට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වහා ක්‍රියාත්මක කිරීමට විය යුතු යැයිද උන්වහන්සේ සඳහන් කළහ.

මේ අවස්ථාවට එක් වූ ප්‍රදේශවාසීන් මහ සඟරුවන ඉදිරියේ කියා සිටියේ මේ ස්ථානය නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතු වන ස්ථානයක් බවය. රාජ්‍ය නිලධාරීන්ට මේ ආකාරයෙන් යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන විනාශ නොකරන ලෙස දැනුම් දුන් බවත් එහෙත් රජයේ නිලධාරීන්ගේ හෙන්චයියන් සහ පිරිස තම ගම්මුන්ට බැන වැදුණු බවද ඔවුහු මහ සංඝරත්න ඉදිරියේ කියන්නට වූහ.

මේ ස්ථානයේ කැලෑබදව වන්නට පිහිටි ගලින් කෙටූ පහන්ගල නිරීක්ෂණය කිරීමෙන් පසු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ මෙවැනි ස්ථානයක් මෙරට දැකගැනීමට නොහැකි බවය.

උන්වහන්සේ සමඟ ගලේවෙල බම්බාව රජමහ විහාරස්ථානයේ විහාරාධිපති සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ලේනව මංගල නාහිමියන් ඇතුළු විශාල භික්ෂුන් වහන්සේ පිරිසක් වැඩම කර සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More