දේශීය පුවත්

කොරෝනා ආසාදිතව කොළඹ අයි ඩී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා ආසාදනය උත්සන්න වීමෙන් පසු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණ්ඩාර ලෙසින් 1941 අගෝස්තු 5 වෙනිදා මෙලොව එලිය දුටු ඔහු වි ජ මු ලොකුබන්ඩාර ලෙස රට හඳුනා ගත්තේය. මිය යන විට 80 වන වියේ පසුවූ ඒ මහතා ගුණසේකර බණ්ඩාර සහ ලොකු මැණිකේ යන මාපිය යුවලට දාව හත් දෙනෙකුගෙන් යුතු පවුලක සාමාජිකයෙකු ලෙස මෙලොව එළිය දුටුවේය. යහල බැද්ද විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලද වි ජ මු ලොකු බණ්ඩාර මහතා බණ්ඩාරවෙල මධ්‍යය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයෙකු වන ලොකු බණ්ඩාර මහතා ලංඩන් විශ්ව විද්‍යාලයෙන්ද බාහිර උපාධිය දිනාගත්තෙකි.කුමාරණතුංග මුනිදාසයන්ගේ හෙල හවුලේ සාමාජිකයෙකු වූ ඒ මහතා ග්‍රන්ථ ගණනාවක කතෘත්වය දැරූ කෘතහස්ත ලේඛකයෙකි. එසේම විජමු ලොකුබණ්ඩාර මහතා නීතිඥවරයෙකු ලෙසද කටයුතු කළේය.

1956 බණ්ඩාරනායක ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යයවරෙයෙකු වූද 1977 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා වුද ඩබ්ලිව් පී ජී ආරියදාස මහතා 1977 වර්ෂයේ පැවැත්වූ මහ මැතිවරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් හපුතලේ ආසනයෙන් වි ජ මු ලොකු බණ්ඩාර මහතා පහසු ජයග්‍රහනයක් ලබා 1977 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්විය. එතැන් පටන් විවිධ අමාත්‍යය තනතුරු දරමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුළ කටයුතු කළ ලොකු බණ්ඩාර මහතාදේශීය වෛද්‍යය ඇමති ලෙස කැබිනට් නොවන අමාත්‍යය තනතුර දරා ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රිය විය. 1989 දී ඒ මහතා සංස්කෘතික කටයුතු අධ්‍යාපන සහ මාධ්‍යය කටයුතු අමාත්‍යය දූරය ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවෙන් ලබා ගැනීමට තරම් ප්‍රේමදාස මහතාගේ විශ්වාසවන්තයෙක් විය.
වි ජ මු ලොකු බණ්ඩාර මහතා මෙතෙක් කලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයෙකු පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ දීර්ඝතම ඡන්ද විමසීම පැවැත්වීමට දායක වී 2004 අප්‍රේල් 22 වනදා සිට 2010 වර්ෂය දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස කටයුතු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More