දේශීය පුවත්

ග්‍රාමීය, ප්‍රාදේශිය සහ දිස්ත්‍රික් කමිටුවලින් විසඳුම් ලබාගත නොහැකි වූ ජාතික මට්ටමෙන් විසඳිය යුතු සංවර්ධන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට සහය ලබාදෙන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ජාතික සම්බන්ධිකරණ අනුකමිටු වල ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබේ.

පසුගිය 10 සහ 11 දිනවලදි අරලියගහ මන්දිරයේදී ජාතික සම්බන්ධීකරණ අනු කමිටු සමඟ පැවති සාකච්ඡාවලදීයි ඒ මහතා මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

මෙම ජාතික සම්බන්ධිකරණ අනු කමිටු ඔස්සේ ඒ ඒ ක්ෂේත්‍රවලට සම්බන්ධ අමාත්‍යංශවලට ඒකාබද්ධව තීරණ ගැනීමේ ප්‍රවේශයක් ඇතිකොට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදි අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධීකරණය ශක්තිමත් කර ජාතික සහ ග්‍රාමීය වශයෙන් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම මෙම ජාතික සම්බන්ධීකරණ අනුකමිටු පිහිටුවමේ අරමුණ බවද රාජපක්ෂ මහතා මහතා පෙන්වා දී ඇත.

ප්‍රතිපත්ති සම්පාදනයේ දී ඒ කැබිනට් ඇමතිවරුන්ගෙන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් මෙන්ම ප්‍රමුඛ සහ ඉහළම වගකීම දරන රජයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙම ජාතික සම්බන්ධිකරණ කමිටුව කෘෂිකාර්මික, ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම්, මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන වශයෙන් අනුකමිටු පහකින් සමන්විත වේ . මේ ආකාරයටම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවද අනු කමිටු 5කට වෙන්කර ඊට අදාළ විෂය පථයන් හා නිලධාරීන් නම් කර ඇත.

ඒ අනුව කෘෂිකාර්මික අනු කමිකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් හය දෙනෙක් ද රාජ්‍ය අමාත්‍යවරුන් එකොළොස් දෙනෙක් ද , ජීවනෝපාය අනුකමිටුවේ යටතේ කැබිනට් ඇමතිවරුන් හත් දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් දහදෙනකු ද, යටිතල පහසුකම් අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් එකොලොස් දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් එකොලොස් දෙනෙකු ද, සමාජ යටිතල පහසුකම් අනුකමිටුව යටතේ කැබිනට් ඇමතිවරුන් පස්දෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් දස දෙනකු ද, මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් අට දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් තුන් දෙනෙකු ද පත් කර ඇති බවයි දැක්වෙන්නේ.

කෘෂිකර්ම අනු කමිටුවේ සභාපතිත්වය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දරන අතර ජීවනෝපාය අනු කමිටුවේ සභාපතීත්වය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද, යටිතල පහසුකම් අනු කමිටුවේ සභාපතිත්වය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද, සමාජ යටිතල පහසුකම් අනු කමිටුවේ සභාපතීත්වය අමාත්‍ය ජී.ඒල්.පීරිස් මහතාද, මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනු කමිටුවේ සභාපතීත්වය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද දරනු ලබයි. මෙම අනු කමිටු මාසිකව රැස්වීමටද නියමිතයි.

“ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩසමඟ යළි ගමට” වැඩසටහනට අදාළව දැනට පත් කර ඇති ග්‍රාමීය කමිටු හා ප්‍රාදේශිය සම්න්ධිකරණ කමිටු මඟින් විසඳාගත නොහැකි ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලින් විසඳිය යුතු ගැටලු විසඳිම මෙම ජාතික සම්බන්ධිකරණ කමිටුව තුළින් බලාපොරොත්තු වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More