දේශීය පුවත්

කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පවසන්නේ; ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යම් යම් අක්‍රමිකතා සම්බන්ධයෙන් අවධාණය යොමුව තිබෙන අතර මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති දුර්වල පරිගණක සේවා ආයතනයකට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාගවන තත්ත්වයක් යටතේ වුවද එම ආයතනයම තව දුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පරිගණක මෘදුකාංග සේවා ලබාදෙන බවයි.

2017-2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ කාර්ය සාධන වාර්තාව පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව වෙත කැඳවා තිබූ නමුත් ඒ සඳහා ක්‍රිකට් ආයතනය නිසි සූදානමකින් නොපැමිණීම මත එම අඩුපාඩු නිවැරදි කරගෙන මාසයක කාලයක් තුළ ඔවුන් යළි කැඳ වීමට කෝප් කමිටුව තීරණය කළ බව ඔහු පවසනවා.

එහිදී කෝප් කමිට්‍රුව විසින් මතු කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ සභාපතිගේ හා නීති නිලධාරීවරයාගේ ප්‍රකාශ අතර පරස්පරයක් තිබීමත් මෙහිදී මතුව තිබෙන විශේෂත්වයක් වන අතර සියලු ප්‍රශ්නකාරී තැන් සඳහා නිසි ලෙස පිළිතුරු ලබා ගැනීම සඳහා ක්‍රිකට් ආයතනයට වෙනත් දිනයක් දීමට කෝප් කමිටුවේ සියලුම සාමාජිකයින් එකඟතාව පළකල බවත් මෙවැනි දුර්වල, අක්‍රමිකතා පවතින තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තත්ත්වයෙන් හෝ පැවතීම ලොකු දෙයක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More