දේශීය පුවත්

අධිකරණ අමාත්‍යය අලි සබ්‍රි මහතා මේ වන විට මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ මුස්ලිම් විවාහ නීතිය අහෝසි විය යුත්තේ පුද්ගල නීති යටතට වැටෙන විහාර හා දේවාලගම් පනත වෙනස් කිරීමට අදාල වන්නා වූ නීති වලට සමාන්තරව බවයි.

මේ සම්බන්ධයෙන් සමාජයේ ගොඩ නැගී ඇති කතිකාවට සමාන්තරව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මේ සමන්ධයෙන් වන මතය විමසනු ලැබුවේය. එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා,” අලි සබ්‍රි මහතා දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරණ එවැනි ප්‍රකාශ වලින් ජනාධිපතිවරණ ජනවරමේ අපේක්ෂා වලට පයින් ගසන අතර ඉස්ලාම් අන්තවාදින්ට උඩ ගෙඩි දීමක්ද සිදු වෙනවා. අපි හිතනවා ඔහු ආපසු නීති විද්‍යාලයට ගොස් නීතිය නැවත හැදෑරිය යුතුයි කියලා. ඔහු කියනවා විහාර දේවාලගම් පනත පුද්ගල නීතියක් කියලා.ඒ නිසා ඔහු කියනවා මුස්ලිම් විවාහ නීති වෙනස් කිරීමට නම් විහාර දේවාලගම් පනත අහෝසි කරන්න අවශ්‍යය යැයි කියලා. මෙය කළ යුත්තේ ව්‍යයවස්ථා සංශෝධනයක් මගින් බවත් ඔහු පවසනවා. එලෙස විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නම් ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන 9වෙනි වගන්තියද අහෝසි කිරීමට සිදුවෙනවා. ඒ අනුව ඔහු කියන්නේ එක රටක් එක නීතියක් යන සංකල්පය පිළිබඳව නැවත කට අරින්න එපා කියලයි. නමුත් එක රටක් එක නීතියක් කියන්නේ මුස්ලිම් විවාහ නීතිය අහෝසි කරන එක නොවෙයි. එම නීතිවල තිබෙන මානව හිමිකම් උල්ලංඝනය වගන්ති සහ මානව සංහතිය අගෞරවයට ලක්වන අසාධාරණ වගන්ති සංශෝධනය කළ යුතු බවයි අප කියන්නේ.” යනුවෙන් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More