රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ ඖෂධ හා වෛද්‍ය උපකරණ විශාල ප‍්‍රමාණයක් නව නිෂ්පාදිත දින යොදා නැවත ඇසුරුම් කිරීමේ ජාවාරමක නිරතව සිටි බොරැල්ල ගෝතමී පාරේ වෛද්‍ය උපකරණ ආනයනකරුවකු ප්‍රේදා (12) දින බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය එක්ව සිදුකළ මෙහෙයුමකින් පසුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම සිදු කරන අවස්ථාව වන විට එම ව්‍යාපාරිකයාට අයත් ඖෂධ ගබඩා දෙකක මෙම ජාවාරම සිදුකරමින් තිබුණු අතර එම කල් ඉකුත් වූ ඖෂධවල ඇලවීම සඳහා ගෙනැවිත් තිබුණු නව නිෂ්පාදිත හා කල් ඉකුත් වූ දින සඳහන් කර තිබුණු ලේබල් තොගයක් ද අත්අඩංගුවට පත් විය.
මෙම කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ තොගයට රුධිර පරීක්‍ෂණය සඳහා යොදා ගන්නා තීරු හා රුධිර මාපක ද තිබුණි. එසේම රසායනාගාර පරීක්‍ෂණ ද්‍රව්‍ය හා රසායනික දියර විශාල ප‍්‍රමාණයක් ද මෙම කල් ඉකුත් වූ ඖෂධ තොගයට ඇතුළත්ය. මෙම ව්‍යාපාරිකයාට නව නිෂ්පාදිත දින ඇතුළත් ලේබල් මුද්‍රණය කර දුන් පුද්ගලයා ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇත.
(දිවයින පුවත්)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...