එංගලන්තයෙන් හමුවූ ඉතා වේගයෙන් පැතිරී යන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය වන බී.1.1.7 නම් නව වෛරස ප්‍රභේදය ශ්‍රි ලංකාවේ කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වවුනියාව යන ප්‍රදේශ වලින් හඳුනාගත් බව ප්‍රතිජිව විද්‍යා සහ අනුක ජීව විද්‍යා මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසා සිටියාය.
මේ සම්බන්ධව අදහස් දක්වන රජයේ වෛද්‍යය නිළධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍යය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ එංගලන්තය මෙම වෛරස් ප්‍රභේදය පැතිරයාම වලක්වා ගත්තේ මුළු රටම වසා දමා බවයි. එලෙසම මෙල්බන් නගරය තුළ නව වෛරස් ප්‍රභේදය වැළඳුණු රෝගීන් 13 දෙනෙකු හමුවීමත් සමඟ මුළු මෙල්බන් නගරයම වසා දැමීමට කටයුතු කළ බවද පෙන්වා දුන්නේය.
නමුත් ශ්‍රී ලංකාවේ ස්ථාන හතරකින් මෙම රෝගීන් හමුවී ඇතත් බලධාරින් ගත් ක්‍රියා මාර්ග පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව පවසා සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ආවේක්ෂණ ක්‍රියාවලිය සඳහා එක් රසායනාගාරයක් මත පමණක් යැපෙන්නේ නැතිව තවත් රසායනාගාර ආවේක්ෂණ ක්‍රියාවලිය සඳහා විවෘත කළ යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...