දේශීය පුවත්

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ; මහින්ද සුළඟ ආරම්භ කරන ලද්දේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර බන්දුල ගුණවර්ධන ආදීන් විසින් බවත් විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් එලවන්න හදන්නේ රාජපක්ෂ පවුලේ කුමන්ත්‍රණයක් අනුව බවත් ප්‍රකාශ කර සිටී.

මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට ගෙන ආවේ විමල් වීරවංශ බව පිළිගත යුතු බවද පවසන උන්වහන්සේ බැසිල් විමල් ගැටුම කාලයක් තිස්සේ පවතින එකක් බවද පෙන්වා දෙන උන් වහන්සේ රටේ මීළඟ නායකයා වීමේ ගමනක් විමල් වීරවංශ පැමිණ ඇති බවත් රාජපක්ෂ පවුල ඒකට බය වී ඇති බවත් තවදුරටත් සඳහන් කරති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂට රටේ ජනතා මනාපයක් නැති නිසා නායකත්වය නුසුදුසු බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More