දේශීය පුවත්

ඊයේ (12) දින සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුනු වැඩසටහනකින් අනතුරුව සීතාවක සංවර්ධන කමිටු සභාපති බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට මෙසේ පිළිතුරු ලබාදුන්නේය.

මාධ්‍යවේදියා – පොහොට්ටුව පිහිටවන්න ඔබතුමන්ලා කැප වූ බව සමාජය දන්නවා. ඔබතුමන්ලා ජනතාව මත විශ්වාසය තබනවා ද ?

පිළිතුර – අප විශ්වාසය තබන්නේ මේ රටේ ජනතාව මතයි. ඔබට මතක ඇති පාර්ළිමේන්තු මැතිවරණය අවස්ථාවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආණ්ඩුව විසින් මහපොලොවේ ක්‍රියාත්මක කරන බවටත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිට නොවන බවටත් අප වගබලාගන්නා බවට විමල් වීරවංශ අමාත්‍යතුමන් සහ මම ලිඛිත ගිවිසුමක් අත්සන් කරලා අපි ජනතාවට පොරොන්දු වුණා. එනිසා අප ජනතාවට වගකීමට බැඳිලා ඉන්නවා. ජනතා විශ්වාසය නැති උනොත් වෙන කාගේ විශ්වාසය තිබුණත් වැඩක් නැහැ. ඒ නිසා ජනතා විශ්වාසයයි අංක එක.

මාධ්‍යවේදියා – පක්ෂ විනාශ කිරීම නොව රට වෙනුවෙන් යමක් සිදුකිරීමද මේ සිදුවන්නේ ?

පිළිතුර – රට රැකෙනවා කියන්නේ සන්ධානය රැකෙනවා කියන එකයි. රට රැකෙනවා කියන්නේ පොහොට්ටුව රැකෙනවා කියන එකයි. කවුරු හරි හිතනව නම් රට විනාශයට දාලා පොහොට්ටුව රකින්න පුළුවන් කියලා එයාලට දේශපාළනය තේරෙන්නේ නැහැ.

මාධ්‍යවේදියා – වීරවංශ මැතිතුමාගේ ගෙදර තිබ්බ සාකච්ඡාවේදී මොනවගේ දේවල්ද සාකච්ඡා වුණේ ?

පිළිතුර – එහිදී අපි තීරණය කළා ජනපතිතුමන් සහ අගමැතිතුමන් සමග සාකච්ඡාවක් ඉල්ලා සිටින්න, රටේ වත්මන් දේශපාළන තත්ත්වය ගැන. ඒ වගේම රටේ දේශපාළනය ගැන තක්සේරුවක් අරගෙන දැනුම්වත් වීම අවශ්‍ය නිසා නිරන්තරයෙන් අප හමුවන්න. ඒ අනුව මේ පක්ෂ 12 හේ නායකයෝ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඉදිරියේ දී යළි හමු වෙනවා.

මාධ්‍යවේදියා – පක්ෂ 12හා 14ක් වෙයි ද? 16ක් වෙයිද ?

පිළිතුර – හදිසියේ පක්ෂ නායකයින්ට අත්‍යාවශ්‍ය රාජකාරියක් යෙදුනොත් එහෙම නැත්නම් අසනීප වුණොත් 12හා 10ක් හෝ 9ක් වෙන්නත් ඉඩ තියෙනවා. වැදගත් වෙන්නේ ඉලක්කම නොවෙයි. සමගියේ බළයයි.

මාධ්‍යවේදියා – ඔබතුමන්ලා ආන්ඩුවෙන් ඉවත් වෙයි ද ?

පිළිතුර – අප ජනතාවට දුන්න පොරොන්දුවක් තියෙනවා. මේ ආණ්ඩුවෙන් ඒවා ඉටු කරගන්න අප ආණ්ඩුව ඇතුළේ අරගල කරනවා මිසක් ආණ්ඩුවෙන් පැනලා ගිහිල්ලා ඒ පොරොන්දු ඉටු කරන්න හැකියාවක් නැහැ. අපි ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා කරදර නොකර ඉන්න දෙනවනං සමහරු කැමති ඇති. අපිට සිද්ධ වෙනවා ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ඇතුළේ අරගල කරමින් ආණ්ඩුව තුළ රැඳී ඉන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More