දේශීය පුවත්

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති රජරට අනුරාධ තෙන්නකෝන් මහතා පසුගියදා කොළඹදී පැවැත්වූ මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් පවසා සිටියේ රජය විසින් වී මිලදී ගැනීමට රුපියල් 50 සහ රුපියල් 52 ලෙස සහතික මිළක් නියම කළද වී මිළදී ගැනීමට කිසිදු යාන්ත්‍රණයක් සකස් කළ නොමැති බවයි.

මේ හේතුවෙන් වී ගොවීන් මහත් අසීරුතාවයකට පත්වී ඇත්තේ වී අලෙවි කිරීමට නිෂ්චිත ක්‍රමවේදයක් හෝ නිෂ්චිත ස්ථානයක් නොමැති බැවින් බව අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කරණු ලැබීය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අද වන විට ගොවීන් වී අලෙවි කරන්නේ රුපියල් 37ක් වැනි මුදලකට බවයි. කෙසේ වුවද පසුගියදා කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගේ වී රුපියල් 50ට මිළදී ගැනීමට වී අලෙවි මණ්ඩලය හරහා ක්‍රමවේදයක් සකස් කර මුදල් වෙන් කර ඇති බවයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් තෙන්නකෝන් මහතා පවසා සිටියේ වී අලෙවි මණ්ඩලය කෙසේ වෙතත් මහා පරිමාණ වී වෙළෙඳුන් විසින් වී ගොවීන්ගේ වී ඉතා සොච්චම් මිළකට මිළදී ගන්නා බවයි.මේ අතර කෘෂිකර්ම අමාත්‍යයවරයා විසින් වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට වැය වන මුදල රුපියල් 28 ක් බවට තක්සේරු කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ අමාත්‍යයවරයාගේ ගණන් බැලීම සම්පූර්ණයෙන්ම සාවද්‍යය බවත් වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 37 ත් 45ත් අතර පිරිවැයක් දැරීමට සිදුවන බවයි.

ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුව මැදිහත් වී වතු කම්කරු වැටුප රුපියල් 1000.00ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කිරීම සතුටට කරුණක් වුවත් වී ගොවියාගේ දෛනික ආදායම වතු කම්කරුවාගේ දෛනික වැටුපටත් වඩා අඩු මුදලක පවතින බව පවසා සිටියේය.ඒ අනුව ජාතික ගොවිජන සම්මේලනය වී කිලෝවක් සඳහා අවම සහතික මිළ රුපියල් 60.00ක් විය යුතු බවට යෝජනා කරන බව පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More