දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතාට මෙරට ජනාධිපතිවරයා බවට පත් වීමට ඉතා පැහැදිලිව සුදුසුකම් තිබෙන බවයි.

එහිදී ඔහු අවධාරණය කළේ බැසිල් රාජපක්ෂ මහතා මෙරට රාජ්‍යය නායකත්වය සඳහා දිනක ඉදිරිපත් වන්නේ නම් බහුතර ජනතාවත් සමග එළියට බැස පසුපෙළ මන්ත්‍රීවරු ලෙස තමන්ද පෙනී සිටින බවයි.

තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ “බැසිල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුවක් බිහි නොකළේ නම් අද ආණ්ඩුවක් නැහැ.” යනුවෙනි.
කෙසේ වුවද තිස්ස කුට්ටි ආරච්චි මහතා 2014 දෙසම්බර් මාසය දක්වා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.ඉන් පසුව තිස්ස කුට්ටි ආරච්චි මහතා 2014 දෙසැම්බර් 15 පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දීමට කටයුතු කළ අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පැරදුනු වහාම “තමන් නැවත මහගෙදරට” පැමිණියේ යැයි කියමින් එක්සත් ජාතික පක්ෂයට එකතු වී නැවත එජාප ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More