පුරවැසි කොලම

ලංකාව පුරාම සංවර්ධන කටයුතු කරනකොට ගස් කපනව, සමහර වෙලාවට මිනිස්සු මල් පහන් පත්තු කරන නාගස් බෝ ගස් පවා කපනවා. නමුත් දේවානිගෙ ගහ තරම් ජනප්‍රිය වුන ගහක් නැති තරම්.

දේවානිග මහත්මිය හරිද, වැරදිද, මේ ගස් හැර වෙන ගසක් තිබේද? වගේ ප්‍රශ්ණයගැන පෝස්ට් මිලියනයක් විතර ලිව්වනෙ. එහිදී හැමෝම කතා කරන්නෙ මේ සිදුවීම තනි සිදුවීමක් හැටියට සලකලා.

නමුත් මෙතන ප්‍රශ්ණය තියෙන්නේ දේවානිගෙ ගසේ නෙමෙයි. අද තනි ගහක් නිසා මිනිස්සු අතර මහා සද්දයක් ඇතිවෙලා තියෙන හේතුව තේරුම් ගන්න එකයි වැදගත්. එහෙම නැතුව මේ සද්දයත් මහා ඝෝශාවක් බවට පත් වෙලා, ඝෝෂාව රැල්ලක් උන දවසට ආයෙත් ආණ්ඩුවට අකුලගන්න වෙයි. එහෙම උන දවසට කට්ටිය මේ ගහ කපන එක නවත්තලා ඒක වටෙන් යන්න පාර හදලා, ගහවටේට රන් වැටක් හදලා දේශපාලකයෙක් දාලා සමරු ඵලකයක් හදයි.

මේ වගෙ රජයෙ තීරණ එකින් එක වෙනස් කරන්න වෙනකොට රජයේ ක්‍රෙඩිබිලිටි එකට මොකද වෙන්නෙ?

ආණ්ඩුවෙ ඉන්න අපේ මිත්‍රයින් ටික තේරුම් ගන්න ඕනෙ ගෝඨාභය රජයෙන් දිගින් දිගටම පරිසරය ගැන පෙන්වන නොසැලකිල්ල තමයි මිනිස්සු කෑ ගහන්න මූලික හේතුව. විශේෂයෙන්ම පරිසරය ගැන කතා කරනකොට නම් රජයට ඒ පිලිබඳව හාංකාවිසියක අදහසක් නැති බවයි තේරෙන්නෙ. අනිත් රජයෙ ප්‍රතිපත්ති වල පරිසරයට මහ ලොකු තැනක් නැති බවයි පහුගිය වසර එකහමාර දිහා බැලුවාම තේරෙන්නෙ.

උදාහරණයක් හැටියට, මිනිස්සුන්ට වවන්න ඉඩම් නෑ කියලා ඉඩම් රිලීස් කරන්න මේ රජයෙන් විවිධ පියවර ගන්න බව පේනවා. මේ තීරණ වලට හේතුව මොන සමීක්ෂණ, පර්යේෂණ වල ප්‍රතිඵල අනුවද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද? දැනට අපේ රටේ කෘෂි ඉඩම් හෝ කර්මාන්ත සඳහා ඉඩම් හිඟයක් තියෙනවාද? දැනට ඇති ඉඩම් වල ඵලදායිතාවය උපරිම වශයෙන් ලබා ඇති බව සහතික කරන්න පුලුවන්ද?

රජය විසින් ඒ විදිහේ සුදුසු පාරසරික ප්‍රතිපත්තියක් හදලා, එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රීති සහ ප්‍රතිපාදන පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා, පරිසර ආරක්ෂාවට සුදුසු පියවර ගන්නවානම්, සහ එලෙස පියවර ගන්න බව මහජනතාවට පේනවානම්, දේවානිලා සීයක් කෑගැහැව්වත් ඒවා රැල්ලක් බවට හැරවෙන්නෙ නෑ.
-කුමින්ද චන්දිමිත්-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More