දේශීය පුවත්

ආණ්ඩුව ඇතුළට දුෂ්ඨ පිරිස් රිංගා ඇති බවත් ජනාධිපතිවරයාටත් යම් ආකාරයට එය පිළිගැනීමට සිදුව ඇති බවත් ඒෂියන් මිරර් (Asian Mirror) සංවාදය වැඩසටහනට එක්වෙමින් දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

පසුගියදා සීනි ආනයනය සිදු කර මිලියන 13,000ක ලාභයක් ලබා ගෙන ඇත්තේ ආණ්ඩුවට වියත්මගට කිට්ටුවෙන් කටයුතු කළ ව්‍යාපාරිකයෙක් බවත් එතනට ආණ්ඩුව තල්ලු කළ පුද්ගලයා සතොස හිටපු සභාපතිවරයාට දඩුවම් නොකර තවත් වැදගත් ආයතනයක සභාපතිධූරයක් ලබා දුන් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ ජනවරම නිර්මාණය කිරීමට මහන්සි වූ බොහෝ පිරිස් මෙවැනි දේ විවේචනය කරන බවත් එදා බැඳුම්කර වංචාව නිසා යහපාලන රජයට ඉදිරියට යා නොහැකි වූ බවත් හෙතෙම වැඩිදුරටත් මතක් කර දුන්නේය.

“අධිරාජ්‍යවාදී රටවල් ඔවුනට වෙළඳපළ අත්පත් කරගන්න, දේපළ අත්පත් කරගන්න සිදු කරණ නව යටත්විජිත ක්‍රියාවළියේදී පාවිච්චි කරණ ප්‍රධාන උපාංග දෙකක් වන්නේ මිනිසුන් මිළදී ගැනීම සහ මොළ සේදූ මිනිසුන් බළගතු තැන්වලට පත් කිරීමයි.

වරායේ හිටපු සේවකයෙක්; අවුරුදු තුනක් අදානි සමාගමේ සේවයෙන් පඩි ලබපු අදානිගේ සේවකයෙක්, යහපාළන සමයේදී නැවත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහලම තනතුරට පත් කරනවා. ඔහු අවුරුදු තුනක් නැගෙනහිර ජැටිය සංවර්ධනය අත්හිටවනවා, කල් දානවා. ඔහු අදානි වෙනුවෙන් එම වකවානුවේදී එම කොන්ත්‍රාත්තුව ඉටු කරනවා. ඉන්පසු මේ රජයෙන් ද ඔහු එම තණතුරටම පත් කරනවා.

එයට අමතරව ජනාධිපති ලේකම් කාර්යයාලයේ ලොකුම පුටුවේ ඉන්නා පුද්ගලයාත් මෙයටම සම්බන්ධයි. ඔහුට SAGT සමාගමේ ප්‍රධානියෙක් අතර ඥාති සම්බන්ධයකුත් තිබෙනවා. ඉන්දියාවේ ප්‍රධාන වරායන්හි 67%ක් අදානි අත්පත් කරගෙන ඉවරයි. අදානිට ලංකාවේ මිනිසුන් මිළදී ගැනීම එතරම්ම අමාරු කාර්යයක් නෙවෙයි.

අදානි සමාගමේ දූෂිත ඉතිහාසය පිළිබඳව https://adanifiles.com.au/ වෙබ් අඩවියෙන් ඕනෑම අයකුට බලාගත හැකි බව ද” ඔහු තවදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More