දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුතම සමීපතයින් දෙදෙනාගෙන් කෙනෙකු වන හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා, පක්ෂයේ තණතුරු මුල්කොටගෙන රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විරසක වී ඇති බව සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නව නිළධාරී මඩුල්ල පත්කිරීමේදී සාගල රත්නායක මහතාට පක්ෂයේ උප සභාපති ධුරයක් ලබා දුන්නද ඔහු දිගු කලක සිට බලාපොරොත්තුවෙන් සිටියේ පක්ෂයේ මහලේකම් ධුරය බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම යහපාලන ආණ්ඩු සමයේ අකිල විරාජ් කාරියවසම් මහතාව පක්ෂයේ මහ ලේකම් කළ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා සමග උරණ වූ රත්නායක මහතා සිය ගම වන දෙනියායට ගිය බවත් ඒ අවස්ථාවේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි වික්‍රමසිංහ මහතා තුන් වතාවක් හෙලිකොප්ටරයකින් දෙනියායට ගොස් රත්නායක මහතාගේ සිත සනසා යළි කොළඹට රැගෙන ආ බව ප්‍රකට කරුණකි.

වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරද්දී අමාත්‍ය ධුරයට අමතරව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධාන ධුරය ද දරු රත්නායක මහතා නතරවී සිටියේ අරලියගහ මන්දිරයේම කාමරයක බවද ප්‍රසිද්ධ කාරණාවක් වන අතර මේ වන විට රත්නායක මහතා වික්‍රමසිංහ මහතා සමග තරහා වීම මත පක්ෂයේ කිසිදු කටයුත්තකට සහභාගී නොවී හුදකලා ජීවිතයක් ගත කරන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ වන විට පක්ෂයේ තනතුරු ප්‍රශ්න මුල් කොටගෙන සාගල රත්නායකට අමතරව; රවී කරුණානායක, නවීන් දිසානායක හා අර්ජුන රණතුංග යන හිටපු අමාත්‍යවරුන් ද තමන්ට පක්ෂයෙන් ලබා දුන් තනතුරු බාර ගැනීම ද ප්‍රතික්ෂේප කොට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More