දේශීය පුවත්

පසුගියදා පාර්ළිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් 27/2 අනුව පාර්ළිමේන්තුවේදී සිදුකරන ලද යෝජනාවට අද (12) දින අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැහැදිලි කිරීමක් සිදුකරන ලදී. එහිදී ඔහු පවසා සිටියේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය අහෝසි කළ යුත්තේ විහාර දේවාගලම් පණත ඇතුළු සියලුම පුද්ගලික නීති අහෝසි කිරීමත් සමඟ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අලි සබ්රි මහතා මෙසේද පැවසීය.

“එකම රටක්- එකම නීතියක් යනුවෙන් අපි කල්පනා කරන්නේ මේ රටේ ජීවත්වන සියලු දෙනාටම නීතිය එක හා සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි. එය පොදුවේ රට තුළ සෑම තැනකම ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි. ලංකාවේ පුද්ගලික නීතීන් රාශියක් ක්‍රියාත්මක වෙනවා”.

“උදාහරණ ලෙස උඩරට විවාහ හා දික්කසාද නීතිය, උඩරට අනුප්‍රාප්ත නීතිය, යාපනය විවාහ හා අයිතිවාසිකම් හා අනුප්‍රාප්ත නීතිය, තේසවලාමේ නීතිය, මුස්ලිම් විවාහ හා දික්කසාද පණත, මුස්ලිම් අනුප්‍රාප්තික නීතිය, බෞද්ධ විහාර හා දේවාලගම් පනත, හින්දු සංස්කකෘති පනත, මුස්ලිම් බහු විවාහ පණත, චර්ච් ඔෆ් සිලෝන් පණත ආදී වශයෙන් පුද්ගල නීතීන් රාශියක් ක්‍රියාත්මක වනවා. එවැනි නීති අප රටේ විතරක් නෙවෙයි වෙන රටවලත් තියෙනවා. ඉදිරියේදී මෙය වෙනස් කොට පොදුවේ එක රටක් – එක නීතියක් යටතේ සියලුම දෙනාටම එකම නීතියක් ක්‍රියාත්මක විය යුතු නම් එය මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් කරන්නට බැහැ. සියලුම පුද්ගලික නීති අහෝසි කළ යුතුයි”.

“මේ අනුව මෙම ගරු සභාවට මා ප්‍රකාශ කර සිටින්නේ මුස්ලිම් නීතිය වෙනස් කිරීම; අනිවාර්යයෙන්ම පුද්ගලික නීති සියල්ල එකට අහෝසි කරන අවස්ථාවේදී විය යුතුයි කියන එකයි. එය කළ යුතුයි කියලා රජය තීරණය කරන්නේනම් අලුත් ව්‍යවස්ථාවෙන් එය සිදුකළ යුතුයි, සිදුකළ හැකියි”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More