දේශීය පුවත්

මාතලේ සහ මහනුවර දිස්ත‍්‍රික්කවලට මායිම්ව පිහිටි මීමුරේ ගම්මානයේදී හෙට (13දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මී ළඟ ‘ගම සමග පිළිසඳරක් ’ වැඩසටහන පැවැත්වීමට නියමිතය.එම හමුවේදී මීමුරේ ගම්මානයේ සිට ලෝක උරුම නකල්ස් (දුම්බර) වනාන්තරය මැදින් මාතලේ, ලග්ගල, පල්ලේගම දක්වා කිලෝමීටර් 8 ක මහා මාර්ගයක් තැනීමටද අක්කර 90 ක වාරිමාර්ග රක්ෂිත වනාන්තරයක් කපා කුඹුරු බවට පත්කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද නියමිත බව පරිසරවේදීහු චෝදනා කරති.

මෙම විනාශකාරි යෝජනා දෙක මීමුරේ ගම්මානය නියෝජනය කරන ප‍්‍රාදේශීය දේශපාලකයකුගේ හා හිටපු පරිපාලන නිලධාරියකුගේ උපක්‍රමයකට අනුව ඉදිරිපත් කිරීමට නියමිත බව පරිසරවේදීහු තවදුරටත් චෝදනා කරති. මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් දෙදෙනකු නම් කර ඇතැයිද පරිසරවේදීහු අනාවරණය කරති. මෙහිදී පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම තීන්දු දෙක ඉතා පැහැදිලිවම නකල්ස් රක්ෂිතයේ දැව හෙළීම අරමුණු කරගනිමින් ඉදිරිපත් වන යෝජනා දෙකක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More