දේශීය පුවත්

අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ සිරුරු භූමදානය පිළිබඳව නොවන බව පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වූ කෝකිල ගුණවර්ධන මන්ත්‍රීවරිය කියා සිටියා ය.
කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් පසුව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව කොවිඩ් මරණ භූමදානයට අවසරදීම පිළිබඳ ප්‍රසාදය පලකරන බව නිවේදනය කර තිබුණි.

මාධ්‍යවේදී ප්‍රශ්නය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වේ කොරෝනා මරණ භූමදානය කරන්න දෙනවා කියලා නෙවෙයිද ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය

එතුමා පැහැදිලිව කිව්වේ කොරෝනා මරණ කියන කාරණය නෙවෙයි. මරණ භූමදානය කරන්න දෙනවද කියලා මරික්කාර් මන්ත්‍රීතුමා ඇහුවා. ඒකට භූමිදානය කරන්න දෙනවා කියලා කිව්වා.

මාධ්‍යවේදී ප්‍රශ්නය

ඉතින් අපි හැමදාම මරණ භූමදානය කරානේ අපි විරුද්ධ වුණේ නෑනේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය

දැන් පැහැදිලිවම කොරෝනා මරණ භූමදානය ගැන අතිගරු ජනාධිපතිතුමාටවත් , අගමැතිතුමාටවත් තීන්දුවක් දෙන්න බෑ . මේකට ඉන්නවා වි‌ශේෂඥ කණ්ඩායමක්

මාධ්‍යවේදී ප්‍රශ්නය

මේ ප්‍රකාශයත් එක්ක පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහත්තයා ප්‍රසාදය පළ කරනවා කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ සිරුර භූමදානය කරන්න ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වරයා එකඟ වෙනවා කියලා. විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ශ්‍රී ලංකා රජය එකඟයි කියලා. ඔබතුමිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු , ආණ්ඩුවේ මාධ්‍ය හමුවේ කියනා අගැමැතිතුමා එහෙම දෙයක් කිව්වේ නෑ කියලා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය

අගමැතිතුමා පැහැදිලිව කිව්වේ මරණ භූමදානය ගැන මිසක් කොරෝනා මරණ භූමිදානය ගැන නෙවෙයි.

මාධ්‍යවේදී ප්‍රශ්නය

මේ කොහොමටත් මේ මරණ භූමදානය කරන්න දෙනවද කියලා අහන්න තරම් පාර්ලිමේන්තුවේ මොන්ටිසොරි ළමයි නෑනේ .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය

සමහර වෙලාවට ඉන්නවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More