පුරවැසි කොලම

මේ වනවිට සමාජ මාධ්‍ය ජාලය කළඹවා තිබෙන කෲඩියා සෙලනිකා ගස ආරක්‍ෂා කර ගැනීම සඳහා මහා සංඝරත්නය පෙරට පැමිණ තිබේ. පෙරේදා (10) දින ගස තිබෙන ස්ථානයට වැඩම කළ මහා සඟරුවන සෙත් පිරිත් දේශනා කර ගස වටා චීවරයක් පළඳවා කෲඩියා ශාඛයය සාංඝික දේපළක් බවට පත්කර තිබේ. රතු දත්ත පොතට ඇතුළත් වී ඇති මෙම ගස මධ්‍යම අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කපා දැමීමට නියමිත බවට මාධ්‍ය මගින් හෙළි කරනු ලැබුවේ බොහෝ කලක සිටය. නමුත් කිසිදු බළධාරියකුගේ අවධානය ඒ පිළිබඳව යොමු වූයේ නැත. ලංකාවේ වනාන්තර රැක ගැනීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය අල ගෝනියක් බවට පත්ව තිබේ. ඒ වගේම අපට මෙහිදී හැඟෙන බරපතළ ප‍්‍රශ්නය වන්නේ වන සම්පත ආරක්‍ෂා කර ගැනීමට ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය යාන්ත‍්‍රණයක් තිබියදී ගස්වලට සිවුරු පොරවා වන සම්පත ආරක්‍ෂා කළ යුතුද යන්නය.

නිදහස ලබන විට ලංකාවේ වන ගහනය රටේ භූමියෙන් සියයට 66ක් දක්වා පැතිර තිබිණි. ඒ වන විට බස්නාහිර පළාතේ පමණක් ඉතිරිව තිබූ වනෝද්‍යාන ගණන 08 කි. අද එම වනෝද්‍යාන තිබෙන තැනක්වත් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ රටේ වන ගහනය සියයට 29 දක්වා පහළ ගොස් ඇති නිසාය. රටක වනාන්තර විනාශ විය හැක්කේ ක‍්‍රම දෙකකට පමණි. එක සංවර්ධනය වෙනුවෙන් වනාන්තර විනාශ කිරීම, දෙක කිසිදු සංවර්ධනයක් නොමැතිව වනාන්තර විනාශ කිරීම. අපේ රටේ වනාන්තර විනාශ වී ඇත්තේ මේ දෙවැනි කාලකණ්ණි තියරියටය. ලංකාවේ මිනිසුන් සංවර්ධනය යනුවෙන් හඳුන්වන්නේ අධිවේගී මාර්ග ඉදිවීම, ගමේ බොරලූ පාරට කාපට් දැමීම, ගුවන් තොටුපළවල් ඉදිවීම, වරායවල් ඉදිවීම, ජනාවාස ඉදිවීම වැනි සංවර්ධන ව්‍යාපෘතිය. එම සංවර්ධනය සිදුවිය යුතුය. ඒ පිළිබඳව කිසිදු අරෝවක් අපට නැත. නමුත් ඒවා සිදුවිය යුතුව තිබුණේ රටේ ආර්ථිකයට, පරිසරයට ඔරොත්තු දෙන පරිදිය. ඒ වගේම තිරසරවය. අවාසනාවට මෙම තිරසර සංවර්ධනය යන වචනය ඇත්තේ ‘ප්‍රොජෙක්ට් රිපෝට්’වල පමණි. නිදහසින් පසු ගතවූ වසර 73 තුළ රටේ සංවර්ධනය තිරසරව සිදු වුණේ නම් වන ගහනය සියයට 66 සිට 29 දක්වා අඩුවන්නේ නැත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ දත්තවලට අනුව 2005 වසරේ සිට සෑම වසරකදීම ප‍්‍රාථමික වනාන්තරවල වන ආවරණය සියයට 1 කින් අහිමි වන රටවල් අතර සිවුවැනි ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමිවේ.

වන විනාශය ශී‍්‍ර ලංකාවට පමණක් පොදු වූවක් නොව ගෝලීය අර්බුදයකි. පසුගිය වසරේදී පමණක් ගෝලීය වැසි වනාන්තරවලින් සියයට 40ක් විනාශ වී තිබේ. දකුණු ඇමරිකාව, අපි‍්‍රකාව පමණක් නොව ඔස්ටේ‍්‍රලියාවේ වැසි වනාන්තර ද මේ විනාශයට ඇතුළත්ය. පසුගිය වසරේ ඇමේසන් වනය ගිනිගත් මොහොතේ බ‍්‍රසීලයේ ජනාධිපතිවරයා වන ජේර් බොල්සනාරෝ පැවැසුවේ බ‍්‍රසීලයේ ජනතාව බඩගින්නේ සිටියදී ඇමේසන් වනය කන්නද කියාය. ලංකාවේ දේශපාලනඥයකු ඔක්සිජන් කන්නද කියා ඇසුවේත් මේ තියරියටය. මේ ප‍්‍රකාශ විනාශකාරී වුවද, එහි යථාර්ථයට අප මුහුණ දිය යුතුය. රොබට් මැල්තස්ගේ තියරියට අනුව පාලනය නොකරන ලද ජනගහනය සෑම වසර 25කට වරක් දෙගුණයකින් ඉහළ යයි. මීට වසර 100කට පෙර ලංකාවේ ජනගහනය ලක්‍ෂ 52කි. අද එය මිලියන 21කි. මැල්තස්ගේ තියරියට ජනගහනය ඉහළ ගිය ද භූමිය විශාල වන්නේ නැත. එම නිසා මේ වැඩි වන ජනගහනයට ආහාර, වාසස්ථාන ලබාදිය යුතුය. ශී‍්‍ර ලංකාව වැනි දිළිඳු ආර්ථිකයක් ඇති රටකට මෙය කළමනාකරණය කර ගැනීම කිසිසේත්ම කළ නොහැක. දැනටමත් රට දැවැන්ත පාරිසරික අර්බුදයක් කරා තල්ලූ වෙමින් තිබෙන්නේ මේ නිසාය.

රටේ වනාන්තර රැක ගැනීමට ඇති අණ පනත්, රාජ්‍ය යාන්ත‍්‍රණය හොඳටම ප‍්‍රමාණවත්ය. නමුත් අර්බුදය වන්නේ එම නීති, ආයතන යාවත්කාලීන නොවීමය. ඇතැම් නීති රීති යාවත්කාලීන කිරීමෙන් සිදුවූයේ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිවම වන සංහාරය ඉහළ යෑමය. සිංහරාජයේ සිට විල්පත්තුව දක්වා සිදුවූයේ එම සංහාරය ය. ශී‍්‍ර ලංකාවේ වන සම්පත රැක ගැනීමට නම්, රාජ්‍ය ප‍්‍රතිපත්තීන් රැඩිකල් ලෙස වෙනස් විය යුතුය. එම ප‍්‍රතිසංස්කරණවලදී වනය මෙන්ම පුරවැසියාගේ අවශ්‍යතා ද ආරක්‍ෂා කළ හැකි රාජ්‍ය ප‍්‍රතිපත්තියක් බිහිකර ගත යුතුය. එසේ නොකොට “වනය රැක ගනිව්” යන බෝඞ් ලෑලි එල්ලාගෙන උද්ඝෝෂණය කළ පමණින් වනාන්තර ආරක්‍ෂා වන්නේ නැත. එම සටන් පාඨවලට “වනය සමග පුරවැසියාද රැක ගනිව්”, “පුරවැසියා සමග වනයද රැක ගනිව්” යන දර්ශනය ඇතුළත් කළහොත් පාලකයන් විසින් නොව පුරවැසියන් විසින්ම වනය රැකගනු ඇත.
[අද (13) දිවයින කතුවැකියෙන්]



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More