දේශීය පුවත්

අග්‍රාමාත්‍යය මාධ්‍යය ලේකම් රොහාන් වැලිවිට මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල, විමල් වීරවංශ මහත්වරු හා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමඟ අග්‍රාමත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ලබන මාර්තුවේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මහා සංඝ රත්නයේ අදහස් හා යෝජනා ලබාගත් බවයි.

රොහාන් වැලිවිට මහතා නිකුත් කළ සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්…

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තුවේ ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනා ඇතුළත් වාර්තාව හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා උපදෙස් ලබා ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය සාර්ථකව මර්දනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ලොව ඉදිරියෙන්ම සිටිය දී, අප රට අපකීර්තියට පත් කිරීමේ අරමුණින් වැරදි මතවාද ඇතුළත් කොට ඉතා ප්‍රෝඩාකාරීව මෙම මානව හිමිකම් යෝජනාවලිය නිර්මාණය කර ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

රටේ ජයග්‍රහණයට මෙන්ම ස්වෛරීත්වයට හානි වන ආකාරයේ කරුණු 16ක් ඇතුළත් කරමින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙම යෝජනා වාර්තාව ඉදිරිපත් කර ඇතිබව මෙහිදී හෙළි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කර සිටියේ මෙවැනි තීරණාත්මක අවස්ථාවක ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා ලබා ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුලු පිරිසට ස්තූතිවන්ත වන බවයි.

මෙවැනි අවස්ථාවක ජිනීවා මානව හිමිකම් කොමිසමට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කිරීම නුසුදුසු බවත්, ඒ වෙනුවට අපගේ නිවැරදි භාවය සඳහන් කරමින් විත්ති වාචකයක් පමණක් ඉදිරිපත් කළ යුතු බව උන්වහන්සේ පැවසූහ.

මානව හිමිකම් කොමිසමේ අරමුණ රට බෙදා වෙන්කිරීම බව පෙන්වා දුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මානුෂීය මෙහෙයුමකින් ත්‍රස්තවාදය අවසන් කිරීම යුද අපරාධයක් යැයි කීම මහා අපරාධයක් බව පෙන්වා දුන්හ.

මෙම යෝජනාවලට අදාළව ප්‍රතිසන්ධානය ඉතා භයානක බවත් එවැනි එකඟවීමකින් තොරව කාලය ගෙන පාර්ලිමේන්තුවේ දේශප්‍රේමී පනතක් සම්මත කර ගැනීම උචිත බව පැවසූහ.

මෙම තත්ත්වයට මුහුණදීමට බෞද්ධ රටවලට අපගේ ස්වාමීන් වහන්සේලා හරහා යම් බලපෑමක් කළ හැකි බවත්, ඒ ඔස්සේ සාධනීය පිළිතුරකට ක්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ නාලක අනු නාහිමියන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ මානුෂීය මෙහෙයුමකින් දිනා ගත් නිදහස ආරක්ෂා කර ගත යුතු බවත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හා ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තීන් සැලකිල්ලට ගනිමින් අප කටයුතු කළ යුතු බවත්ය.

මංගල සමරවීර මහතා එකග වූ 30 (1) යෝජනාවේ බලපෑම දීර්ඝ වශයෙන් රටට ඇති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More