දේශීය පුවත්

ප්‍රවීන රංගන ශිල්පි මහ එගොඩගෙ ජයලාල් රෝහණ හෙවත් ජයලාල් රෝහණ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  මියගොස් ඇති අතර මිය යන විට ඒ මහතා  56 හැවිරිදි වියේ පසු විය.1964 වර්ෂයේ නොවැම්බර් පළමුවන දින මෙලොව එලිය දුටු ජයලාල් රෝහණ මහතාගේ පියා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ කෝට්ටේ ආසන බල මණ්ඩලයේ භාණ්ඩාගාරිකවරයා වශයෙන් කටයුතු කළේය.
ජයලාල් රෝහණ මහතා වේදිකාව රූපාවාහිනිය සහ සිනමාව යන ක්ෂේත්‍රයන් තුනෙහිම දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කළ අයෙකු වන අතර ගුවන් විදුලි හඬ නළුවෙකු මෙන්ම ගුවන් විදුලි නාට්‍යය පිටපත් රචකයෙකු ලෙසද නමක් දිනා ගත්තෙකි.තවද ඔහු දක්ෂ වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයේ නමක් දිනා ගත්තෙකි. 1976 වර්ෂයේදී වයස අවුරුදු 13ක් පමණ වන ශිෂ්‍යයෙකුව සිටියදී “මුහුදු ගියා” නම් පාසල් වේදිකා නාට්‍යයෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් ඔහු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආදි සිසුවෙකි.

2007 වර්ෂයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිය මූලික උපාධිය දිනාගත් ජයලාල් රෝහණ මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය වේදිකා නාට්‍යය සහ සිනමාව වෙනුවෙන් දිනා ගත්තේය. සිය රංගන ජීවිතය තුළ “ඉසුරු යෝගය” ටෙලි නාට්‍යයේ මුතුමිණ ගේ චරිතයට පණ පෙවීමෙන් ජයලාල් රෝහණ මහතා ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම දිනා ගත්තේය.

අවමංගල්‍යය කටයුතු පසුව දැනුම් දෙනු ලබන බව පවුලේ ඥාතීන් පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More