GOSSIP

විනීරියෝලොජි සහ කාම ශාස්ත්‍රය හෙවත් සේක්සොලොජි අප සමාජයට ඉතාමත් වැදගත් වුවත් ඒ පිලිබඳ කතා බහ ඇත්තේම නැති තරම් ය. අප රටේ මේ ක්ෂේත්‍රය පිළිබඳව තිබෙන අතිශය රහස්‍යභාවය නිසා යතාර්තවාදීව කථා බහ කරණ අය දුර්ලභ බවත් පාසල් වල මෞත්‍ර ලිංගික පද්ධතිය ඉගැන්වීමට මැලි ගුරුවරියන් බහුල බවත් ඔවුන් බොහෝ විට උගන්වන්නේ මෞත්‍ර ලිංගික පද්ධතියේ මෞත්‍ර කොටස පමණ කි.

මෙවැනි තත්ත්වයක් මත අනෝමා ජනාදරී අපේ ප්‍රකට නිළිය ලිංගික අධ්‍යාපනික ග්‍රන්ථයක් පසුගිය දා එළි දැක්වුයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ද විශාල හිඩැසක් පුරවාලමිනි.

අනෝමාගේ මේ සද් කාර්ය අගය කරණු වස් ඇගේ “ප්‍රේම ජවනිකා” නමැති කෘතිය පිලිබඳ විද්වත් විචාර සම්මන්ත්‍රණයක් වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහභාගී වී පවත්වයි.

එළැඹෙන 16 වෙනි බදාදා සවස 3.00 ට පිටකෝට්ටේ භූ විද්‍යා හා පතල් කාර්යාංශ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වෙන මේ වැදගත් අවස්ථාවට දේශක වරුන් වශයෙන් සහභාගී වන්නේ ලිංගික අධ්‍යාපනික ක්ෂේත්‍රයේ වඩාත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරණ ගෞරවණීය වෛද්‍ය ජානකී විදානපතිරණ ( ප්‍රජා වෛද්‍ය විශේෂඥ),මහාචාර්ය කොල්වින් ගුණරත්න( කුලපති – වෛද්‍ය පීඨය) ,වෛද්‍ය කාලෝ ෆොන්සේකා,පවුල් සෞඛ්‍ය සැළසුම් පිලිබඳ ආයතනයේ වෛද්‍ය අධ්‍යක්ෂක හරිශ්චන්ද්‍ර යකන්දාවල යන විද්වතුන් වේ.

ලිංගික ගැටළු පිළිබඳව පීඩා විඳින මහා ජනතාවට මෙන්ම ඒ විෂය පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාර්තීන්ට එකසේ මෙම සම්මන්ත්‍රණය වැදගත් වේ.සියලු දෙනාට මේ අවස්ථාවට නොමිලේ සහභාගී විය හැකි බව සංවිධාන මණ්ඩලය දන්වයි

– අනෝමා ජනාදරි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More