දේශීය පුවත්

කොළඹ දී අද(11) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් පැපිලියාන සුනේත‍්‍රාදේවී පරිවෙණාධිපති හා එම විහාරස්ථානාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කර සිටියේ විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශවල වරදක් නොමැති බවත් ජනාධිපතිතුමන්ට පක්ෂයේ ඉහළ තනතුරක් අවශ්‍ය බව තමන් වහන්සේද විශ්වාස කරන බවයි.
එහිදී උන්වහන්සේ අවධාරණය කර සිටියේ ජනාධිපතිතුමන්ට දේශපාලනික වශයෙන් යම්කිසි මෙහෙයුමක් සිදුකිරීමට අවශ්‍ය නිසා පක්ෂයේ ඉහළ තනතුරක් තිබීම වැදගත් බවයි.

උන්වහන්සේ තව දුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතාට පෞද්ගලිකව අදහස් දැක්වීමේ අයිතියක් ඇති බවත් ඔහු කළ ප්‍රකාශය සාධනීය වැදගත්කමක් ඇති බවත් ජනාධිපති පුටුවේ සිටියද ජනාධිපතිතුමන් විසින් රට දේශපාලනික වශයෙන් යම්කිසි මෙහෙයවීමක් කළ යුතු බවත් කිහිපදෙනකුගේ උඩ පැණීම් නොගැලපෙන කතා පසෙක දමා රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට සමගියෙන් කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් පවසා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More