දේශීය පුවත්

විමල් වීරවංශ අමාත්‍යයවරයා සහ පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළුව පොදුජන එක්සත් පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරු අතර ඇතිවී තිබෙන මත ගැටුම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසීමක් කරණු ලැබුවේය . එහිදී යසස් ධර්මදාස මහතා පවසා සිටියේ මෙම මත ගැටුමට මූලික වන හේතුව නම් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයා වරාය සේවකයන්ගේ සහ ජාතික බලවේගයන්ගේ ස්ථාවරය අනුව කටයුතු කිරීමට පෙළඹීම යන්න ඔවුන්ගේ කියවීම බවයි.

එහිදී යසස් ධර්මදාස මහතා පෙන්වා දුන්නේ එදා යහපාලන ආණ්ඩුව පවතිනවිට 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සරත් වීරසේකර මැතිතුමා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ලෙසම මෙදා විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට එරෙහිව නිවැරදිව කටයුතු කළ බවයි.

එහිදී ඔහු අවධාරණය කළේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අඩුම තරමෙ 2/3 ක බලයකින් නැවත හැරවීමට හැකි වූ බවයි. නමුත් නැගෙනහිර ජැටිය යම් විදියකින් ඉංදියාවේ අදානි සමාගමට පවරාදීම කරණු ලැබුවේ නම් 2/3 නොවෙයි 3/3 ක් බලය සහිත ආණ්ඩුවකින්වත් නැවත ශ්‍රී ලංකාව සතු කරගන්නට නොලැබෙන බව පවසා සිටියේය.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ දැනටමත් සමහර විද්‍යුත් නාලිකා කොටි සමාගම් සතුකරගෙන ඇති ආකාරයට වරායත් කොටි සමාගම් වල අයිතියට නතු වෙන්නට ඉඩ සැලසෙන්න තිබුණු බවයි. ඒ අනුව විමල් වීරවංශ අමාත්‍යයවරයා ඇතුළු කණ්ඩායම ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කර තිබෙන බව ඔහු අවධාරණය කළේය. ඒ අනුව යසස් මහතා පෙන්වා දෙන්නේ හිත් නරක් කරගෙන ඉන්න සමහරක් පොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජිතයෝ දෙස බැලූ විට පැහැදිළි වන්නේ ඔවුන් කොපමණ මුලාවකින් කටයුතු කරනවාද යන්න බවයි .

එහිදී ඔහු සිහිපත් කර සිටියේ එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරය 20 සංශෝධනය ගෙනත් ඡන්ද ක්‍රමය වෙනස් කරන බවට දුන් ව්‍යාජ පොරොන්දුව මෙන් මෙවර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් වරායට 51 අදානිට 49 කියා ව්‍යාජ පොරොන්දුවක් ලබා දුන් බවයි. එහිදී ඔහු අවසාන වශයෙන් පවසා සිටියේ මෙවර ලාංකිකයන්ගේ වාසනාවට පාර්ලිමේන්තුව තුළ එක් අයෙකුට වඩා නැගෙනහිර පර්යන්තය විකිනීමට විරුද්ධ වූ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More