දේශීය පුවත්

අග්‍රාමාත්‍යවරයා විසින් දේහයන් භූමිදානයට ඉඩ දෙන බවට පාර්ලිමේන්තුවේදී ඊයේ (10) දින කළ ප්‍රකාශය ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කරන්නේ කවදාදැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (11) දින ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය හා කොවිඩ් වසංගත මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දු තීරණ ගන්නේ පුද්ගලිකව නොව කමිටුවක් හරහා බවත් එම යෝජනාව තාක්ෂණ කමිටුවට ඉදිරිපත් කොට ඇති අතර තීරණ ගන්නේ එහි නිර්දේශ මත බවත්ය.

ඉන්පසු නැගී සිටි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අග්‍රාමාත්‍යවරයා වැනි පරිණත දේශපාලඥයෙක්‌ ගත් පරිණත තීන්දුව ක්‍රියාත්මක වීම වැළැක්වීමට කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ කවුරුන්දැයි ප්‍රශ්න කරන ලදී.

අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුව වෙනුවෙන් ගත් මෙම විශිෂ්ට තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වා අනවශ්‍ය පසුබිමක් සෑදීමට අග්‍රමාත්‍යවරයාට වඩා ඉහළින් සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු කරන්නේ කවුරුන්දැයි යන්නද හකීම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්න කරන ලදී.

එහෙත් ඊට ප්‍රතිචාර දැක්වීමට ඒ අවස්ථාවේ සභා ගැබේ සිටී අග්‍රාමාත්‍යවරයා හෝ ආණ්ඩු පක්ෂයේ වෙනත් කිසිවකු ඉදිරිපත් නොවීමද දක්නට ලැබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More