දේශීය පුවත්

අද (11) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වන ශීඝ්‍රතාවයට වඩා වැඩියෙන් මෙරට කොවිඩ් ආසාදිත මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බවයි.

එහිදී අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටියේ,පසුගිය සති දෙක ඇතුළත ජනගහනය මිලියනයකට 17 ක් දක්වා කොවිඩ් ආසාදිත මරණ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,මාසයකට කලින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූයෙ, ජනගහනයෙන් මිලියනයකට කොවිඩ් ආසාදිතයන් 2,882ක් පමණක් බවත් සති දෙකක් ඇතුළත මෙම තත්වය ජනගහනයෙන් මිලියනයට කොවිඩ් ආසාදිතයන් 3221 දක්වා වැඩිවූ බවත් පවසා සිටියේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ සති දෙකකට කලින් ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ අනුපාතය පැවතුනේ ජනගහනය මිලියනයට මරණ 8 – 9ක් පමණ නමුත් සති දෙකක් ඇතුළත මේ තත්වය දෙගුණ වී තිබෙන බවත්ය . අද වන විට ජනගහනයෙන් මිලියනයකට කොවිඩ් මරණ සංඛ්‍යාව 17ක් දක්වා වැඩි වී තිබෙන බවද පෙන්වා දුන්නේය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ රෝගීන් වැඩිවෙන සීඝ්‍රතාවයට වඩා වැඩි සීඝ්‍රතාවයකින් මරණ අනුපාතය අපේ රටේ වැඩි වී තිබෙන බවයි. එහිදී මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හරිත අලුත්ගේ මහතා,
” සමහර සෞඛ්‍ය අංශ බලධාරින් ප්‍රකාශ කරනවා බොහෝම ස්ථාවර මට්ටමක අපේ රටේ කොවිඩ් මරණ අනුපාතය තියෙන්නේ වැඩිවීමක් නෑ කියලා. නමුත් සංඛ්‍යාලේඛන සහිතව අපි ප්‍රකාශ කරනවා අවධානමේ වැඩිවීමක් සිද්ධවෙමින් තිබෙන බව. ඔය කියන විදියට ස්ථාවරයක මට්ටමක නම් කොවිඩ් මරණ අනුපාතය තියෙන්නේ  පීසීආර් පරීක්ෂණ කරන සීඝ්‍රතාවය වෙනස් වෙන්න අවශ්‍යය නැහැ.මේ වසරේ ජනවාරි මුල පීසීආර් පරීක්ෂණ කරන සීඝ්‍රතාවය 3%යි තිබුණේ. අද වෙනකොට එය 7%ක් දක්වා වැඩි වෙලා. ඒ කියන්නේ මාසයක් ඇතුළත දෙගුණයකින් පීසීආර් පරීක්ෂණ කරන සීඝ්‍රතා අනුපාතය වැඩිවෙලා. ඊට සමාන්තර්ව රෝගීන් වැඩිවෙලා.” යනුවෙන් පැවසුවේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More