ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටින නිසා ආණ්ඩු පක්ෂයේ අය ලකුණු දා ගැනීමට කටයුතු කරන බවත් වෙනදාට පාර්ලිමේන්තුවට නොඑන අයත් අද පැමිණ තිබෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (11) දින පාර්ළිමේන්තුවේදී කළ සඳහනට ප්‍රතිචාර දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිනාසෙමින් සඳහන් කර සිටියේ ජනපතිවරයා පාර්ලිමේන්තුවේ සිටින නිසා හැමෝම ලකුණු දාගන්න කතා කරන බවයි.
ජනපතිවරයා පාර්ලිමේන්තුවේ සභා ගැබේ සිටියදීම බැංකු හොරා, බැංකු මංකොල්ලකාරයා, අට පාස් හාල්පාරුවො යන වචන භාවිතා කරමින් විපක්ෂයේ චමින්ද විජේසිරි හා හේශා විතානගේ යන මහත්වරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ආමන්ත්‍රණය කිරීමද විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...