දේශීය පුවත්

කාන්තාවන්ට හිංසා කළ බවට චෝදනා එල්ල වූ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝක්‌ නීතිපති එරික්‌ ෂෙනී ඩර්මන් සිය තනතුරින් ඉල්ලා අස්‌ වී තිබේ.

“ද නිව්යෝකර්” ස`ගරාව මගින් නීතිපතිවරයාට එරෙහිව චෝදනා හෙළි කර තිබිණි.

කාන්තාවන් සිව් දෙනකු මෙම චෝදනාව කළ අතර එයින් දෙදෙනකු නීතිපතිවරයාගේ හිටපු පෙම්වතියන්ය. හැට තුන් හැවිරිදි නීතිපතිවරයාගේ පෙම්වතියන් දෙදෙනා පවසන්නේ ඔහු තමන්ට පහර දුන් බවය.

එහෙත් නීතිපතිවරයා පවසන්නේ පහර දීමක්‌ සිදු නොවූ බවත්, ඔවුන් සම`ග ලිංගික සම්බන්ධතා පැවැත්වූයේ ඔවුන්ගේ කැමැත්ත මත බවයි.

මෙම හෙළිදරව් කිරීමෙන් පසු නිව්යෝක්‌ ආණ්‌ඩුකාර ඇන්ඩෘ කුමෝ විසින් තනතුරින් ඉල්ලා අස්‌වන ලෙස නීතිපතිවරයාට දන්වන ලදී.

“කිසිවකු නීතියට උඩින් නැහැ. නිව්යෝක්‌ නගරයේ ඉහළම නීති නිලධාරියාටත් එය එලෙසමයි” යනුවෙන් ආණ්‌ඩුකාරවරයා පවසා තිබේ.

නීතිපතිවරයාගේ එක්‌ පෙම්වතියක්‌ වන ටාන්යා සෙල්වරත්නම් ශ්‍රී ලංකාවේ උපන් තැනැත්තියකි. ඇය ගත්කතුවරියක, නිළියක මෙන්ම අධ්‍යක්‌ෂවරියක ද වන්නීය. තමන් හැර ගියහොත් ඇය මරා දමන බවට නීතිපතිවරයා තර්ජනය කළ බව ද ඇතැම් අවස්‌ථාවල තමන්ට පහර දුන් බව ද ටාන්යා සෙල්වරත්නම් පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More