පුරවැසි කොලම

බඩගින්නට කටේ දාගත්තු එක හපන කොට ඩෝං ගාල ඒක පිපිරිලා වේදනාවෙන් ගල්ගැහිල මැරිල යද්දි එයා අපෙන් දණ ගහල වැඳල අහනව වගේ ” ඇයි මට ඔයාල මෙහෙම කලේ” කියල

ඔබ දැන් තන්තිරිමලේ වගේ උතුරු මැද පලාතක ප්‍රදේශයකට ගියොත් ඔබට පෙනේවි ඒ අවට කැලෑ රොදවල් නියඟින් වේලිලා, ගස් ඉපල් වෙලා, මානා පඳුරු මැරිල. එක තණකොල ගහක්වත් පේන්න නෑ. ඒව දුවිල්ල බවට පරිවර්තනය වෙලා.

එහෙම නියං සමයක සත්තු එනව මිනිස්සුන්ගෙ කොලපාටින් පිරුණු වගාභූමි වලට බඩගින්නට මොනවහරි බඩට දාගන්න, වගා ළිං වලින් වතුර බොන්න. මොණරු, වළිකුකුලො, වඳුරො, අලි. මොකද ඒ තමයි එයාලගෙ බඩගින්න නිවන තැන. පිපාසය සංසිදුවන තැන.

අලියෙක් කිවිවම එයාට ලොකු බඩක් තියෙන ගොඩක් ආහාර ඕන සතෙක් . ඒක නිසා එයාට බඩගින්න දරා ගන්න බෑ!!! එයාලට ඉල්ලන් කන්න දන්නෙත් නෑ .ඒ ආපුවහම අපි කරන්නෙ ඒ අසරණයට වෙඩි තියන එක, හක්ක පටස් තියල උගෙ ඔලුවම පුපුරවනව එක. වෙන ක්‍රමයක් අපිට නෑ. එහෙම ක්‍රමයක් ගැන හිතන්න අපේ සමාජයට උනන්දුවකුත් නෑ. එහෙම ක්‍රමයක් හදල දෙන පාලකයො අපි පත්කරගත්තෙත්, පත්කර ගන්නෙත් නෑ.

අපි පත්කරගත්තෙ වන ජීවි එකෙන් වගාව පාලුකරන කුලු හරක් අල්ලල අභය භූමිවලට අතඅරින්න යනකොට උන්ව ලිහල නිදහස් කරන ගමන්, කොස් ගස්වලට නැගල කොස් කඩල දීල ඒව කැමරකරල පත්තරවලවලට දාල වීරයො වෙන ගොන් ඇමතිවරු. එහෙමත් නැත්නම් මාධ්‍යවලට ඇවිල්ල ලොකු කතා කියල අපිව රවට්ටල අපේ ඡන්ද ටික ගන්න කපටි, තක්කඩි දේශපාලකයො. පක්ෂ, පාට භේදයකින් තොරව මේ 226ම අඩු, වැඩි වශයෙන් කරන එකම දෙය තමයි ඕක.

ඉතිං ලාංකිකයෙකු විදිහට මමත් මේ සහගහන අපරාධයට වග කියන්න ඔන. මොකද මිනිස්සු මේ තත්වයට පත් කලේ අපිමයි. අපේ නිහැඩියාවයි. ඒක නිසා අපිත් මෙම අපරාධයේ කො‍ටස් කාරයෝ, මොකද තවමත් අපිට මේ ක්‍රමය වෙනස් කරන්න බැරි වුනා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More